මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා මූල්‍යමය දණ්ඩන පැනවීම/එකතු කිරීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියාකරන මූල්‍ය ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, මූල්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවත්වීමේ නියාමන ආයතනය ලෙස, මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පහත දක්වා ඇති පරිදි රුපියල් මිලියන 1.0 ක දඩ මුදලක් පනවන ලදී. මූල්‍යමය දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී. 

1. සම්පත් බැංකුව පී.එල්.සී.

දණ්ඩනය පනවන ලද දිනය: 2022 ජූනි 02

වටිනාකම: රුපියල් 1,000,000.00 (රුපියල් මිලියනයකි)

දණ්ඩනය ගෙවන ලද දිනය: 2022 ජූලි 01

දණ්ඩන පැනවීමට හේතුව:

මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ දී සම්පත් බැංකුව අනුගමනය කරන ක්‍රියා පටිපාටියේ උල්ලංඝනයක් සිදුවී ඇති බවත්, එම උල්ලංඝනය හේතුවෙන් සම්පත් බැංකුව විසින් හෙළිදරව් කිරීමෙන් වළක්වා ගත යුතුව තිබූ තොරතුරුවල සීමිත හෙළිදරව්වීමක් සිදුවී ඇති බවත් අනාවරණය වීම හේතුවෙන්, තොරතුරු හෙළිදරව් නොකිරීමේ කාර්යයට අදාළව මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 9 (1) වගන්තියට අනුකූල නොවීම සම්බන්ධයෙන් මෙම මූල්‍යමය දණ්ඩනය පනවන ලදී.

Published Date: 

Thursday, September 15, 2022