විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 පෙබරවාරි

අඛණ්ඩව නවවැනි මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්මවූ අපනයන ඉපැයීම් සමඟ 2022 වසරේ පෙබරවාරි මාසයේ දී අපනයන ඉපැයීම්වල වර්ධනය දිගටම පැවතුණි. මේ අතර, 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ආනයන වියදම් පෙර මාසයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වුවද, පසුගිය වසරේ පෙබරවාරි මාසයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් විය. සංචාරක පැමිණීම් පෙර වසරේ අනුරූප  මාසයට සාපේක්ෂව 2022 වසරේ පෙබරවාරි මාසයේ දී කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළේය. 2022 වසරේ පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ තවදුරටත් මන්දගාමී විය. මාසය තුළ දී, කොළඹ කොටස් වෙළඳපොළ වෙත ලැබුණු විදේශ ආයෝජනයන්හි ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. 2022 වසරේ පෙබරවාරි මාසය තුළ අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එ.ජ. ඩොලරයට රුපියල් 202ක් පමණ විය. කෙසේ වෙතත්, දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ පවතින ද්‍රවශීලතාව අඩුවීම මධ්‍යයේ විනිමය අනුපාතිකය මත ඇති වූ ඉහළ පීඩනය හේතුවෙන් විනිමය අනුපාතිකය ක්‍රමානුකූල  ගැලපීමක් සඳහා මහ බැංකුව 2022 වසරේ මාර්තු මස පළමු සතියේ දී ඉඩ  හැරිය  ද වෙළඳපොළ බලවේග මඟින් ක්‍රමානුකූල ගැලපීමෙන් අපේක්ෂිත අවප්‍රමාණය වීමට වඩා විනිමය අනුපාතිකයෙහි ඉහළ අවප්‍රමාණය වීමක් ඇති කළේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, May 12, 2022