"ව්‍යවසායකයා: සමාජයේ විශාල ධනාත්මක වෙනසක් ඇති කරන නායකයෙක්" පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යවසායකයා: සමාජයේ විශාල ධනාත්මක වෙනසක් ඇති කරන නායකයෙක්" පිළිබඳ පුහුණු වැඩසටහන 2022 පෙබරවාරි මස 09 යන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.