කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබා දුන් ණය සහන රුපියල් බිලියන 4,000 ඉක්මවා ඇත: සෞභාග්‍යා ණය රුපියල් බිලියන 179ක අගය පසු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට සහාය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. කොවිඩ්-19 හේතුවෙන්  බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීම/ ප්‍රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රම වලට ඇතුළත් විය.

සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ත්‍රිරෝද රථ හිමිකරුවන්, පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වී ඇත.  

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ සහන යෝජනා ක්‍රම වලට අනුගත වෙමින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් මූල්‍ය ආයතන විසින් මිලියන 2.9 කට අධික ඉල්ලීම් ප්‍රමාණයක් අනුමත කරමින් සමස්තයක් ලෙස රුපියල් බිලියන 4,083.8 ක අගයකින් යුත් ණය සහන ලබා දෙන ලදී (වගු අංක 1). බලපත්‍රලාභී බැංකු විසින් 2021.12.31 දක්වා සහ බැංකු නොවන මූල්‍ය ආයතන විසින් 2022.03.31 දක්වා දීර්ඝ කරන ලද මෙම සහන, රැකියා අහිමි වීම, ආදායම් අඩු වීම, ව්‍යාපාර කටයුතු දුර්වල වීම‍, ව්‍යාපාර වසා දැමීම යනාදී කරුණු හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දුන් ඉහත පාර්ශවයන් වෙත ලබා ද‍ීමට කටයුතු කර ඇත. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, November 8, 2021