ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.7හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා පහළ ගියේය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී පැවති සියයට11.1හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර්  මාසයේ පැවති සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 සැප්තැම්බර්  මාසයේ දී සියයට 5.5හි නොවෙනස්ව පැවතුණි. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, October 21, 2021