ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත සංචිතය දියත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 පෙබරවාරි මස 20 වැනි දින සිය නිල වෙබ් අඩවිය තුළින් මහජනතාවට පිවිසිය හැකි දත්ත සංචිතයක් දියත් කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම දත්ත  සංචිතය මූර්ත, මුදල්, රාජ්‍ය මූල්‍ය, විදේශ සහ මූල්‍ය යන අංශ ආවරණය කරන විවිධ මාතෘකා යටතේ වන කාල ශ්‍රේණි දත්තවලින් සමන්විත වඩාත් සවිස්තරාත්මක දත්ත ගබඩාවකි. එ මගින් දත්ත අවශ්‍ය පරිදි තෝරා ගැනීම, සංඛ්‍යා සටහන් සකස් කිරීම, භාගත කිරීම සහ අනාගත පරිශීලනය සඳහා ගබඩා කිරීම වැනි විවිධ අවශ්‍යතා සඳහා පහසුකම් සලසා ඇත. 

දත්ත භාවිත කරන්නන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය (www.cbsl.gov.lk) තුළින් හෝ විශේෂයෙන් (https://www.cbsl.lk/eresearch) යන ඇමුණුම තුළින් දත්ත සංචිතය වෙත පිවිසිය හැකි ය.

 

 

Published Date: 

Monday, February 20, 2017