2020 පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මන්දගාමීත්වයක් පෙන්නුම් කරමින්, දර්ශක අගය 53.6 ක් ලෙස වාර්තා විය. නව ඇණවුම් සහ සේවා නියුක්තියෙහි සිදුවූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වූ අතර, නව කොරෝනා වෛරසයේ (COVID-19) බලපෑම හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා අපේක්ෂාවන් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.
2020 පෙබරවාරි මාසයේ දී සේවා අංශය පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වර්ධනය වූ අතර, නව කොරෝනා වෛරසයෙහි (COVID-19) බලපෑම නිසා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම්හි වර්ධනය මන්දගාමී වීම මේ සඳහා හේතු විය.









'2020 - ඩිජිටල් ගනුදෙනු වර්ෂය' ප්‍රවර්ධන වැඩසටහන 2020.03.11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ බැංකුකරුවන්, බැංකු නොවන මූල්‍ය ආයතන නිලධාරින්, ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමී ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂක ඩී. කුමාරතුංග මහතා විසින් “Cash වදේ“ ප්‍රචාරන වැඩසටහන හඳුන්වාදෙන ලදී. මෙමගින් මුදල් පරිහරණයේ දී පාරිභෝගිකයින් හා ව්‍යාපාරිකයින් යන දෙපාර්ශ්වය ම මුහුණ පාන ගැටළු එනම්, සොරකම් කිරීමේ අවදානම, පෝලිම්වල සිටීමෙන් තමන්ගේ කාලය අපතේ යෑම වැනි දේ පෙන්නුම් කරයි.