ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එමඟින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 වසංගතය සහ ඉන් පසු ඇති වූ සාර්ව ආර්ථික තත්වයන් හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට ණය සහන ඇතුළුව විවිධ සහන ලබා දීමට යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යූහගත කිරීම/ප්රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රම වලට ඇතුළත් විය.
සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ප්‍රවාහන, පාසල් වෑන් රථ, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වී ඇත. කොවිඩ්-19 බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් හට ලබා දී ඇති ණය සහන කාල සීමාවේ අවසාන අදියර බැංකු අංශය සදහා 2022.06.30 දිනෙන්ද බැංකු නොවන මුල්‍ය ආයතන අංශය සදහා 2022.03.31 දිනෙන්ද අවසන් විය.









It is with deep sorrow that we announce the demise of former Governor of the Central Bank of Sri Lanka (CBSL), Mr. H.B. Dissanayake.