පාසල් සිසු සිසුවියන් ඇතුළු කඳුරට ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවාවන් පහසුවෙන් ලබා ගැනීම සඳහාත්, එම සේවාවන් පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කිරීම උදෙසාත් පැවැත්වෙන විවෘත දින වැඩසටහන, 'මහ බැංකුව ඔබ හමුවට...' නමින් 2017 මැයි 5 සහ 6 දිනවල දී මාතලේ ත්‍රිකුණාමල පාරේ මන්දණ්ඩාවල පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්වේ.
පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී මහජනතාවට තම අර්ථසාධක අරමුදල පිළිබඳ ගැටළු නිරාකරණය කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පලුදු වූ සහ අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම, කාසි හා නෝට්ටු හුවමාරුව, මුදල් කෞතුකාගාරය යනාදී සේවාවන් සපයා ඇත. ඊට අමතර ව මහ බැංකු අධිපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හමු වී සාකච්ඡා කිරීමට ද ඉඩ ප්රස්ථා සලසා ඇත.








