සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කිරීමේ දී මහජනතාව මුහුණ දෙනු ලබන අපහසුතා මෙන් ම අති විශාල මහජන ඉල්ලීම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් එ වැනි ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කර ගැනීමේ කාල සීමාව 2018 මාර්තු 31 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතාමතා විකෘති කිරීම, හානි කිරීම හෝ වෙනස් කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ දඩ මුදලකට යටත් කිරීම හෝ සිරගත කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදකි. මුදල් නීති පනතේ රෙගුලාසි (ඊ) යටතේ සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද නෝට්ටු සඳහා කිසිදු හිමිකම් පෑමක් නො ලබන අතර එ වැනි නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රඳවා ගනු ලැබේ.
ඒ අනුව, මෙ වැනි මුදල් නෝට්ටු අත දරන්නා හට 2018 අප්‍රේල් 01 සිට එම නෝට්ටුවල මුහුණත වටිනාකමෙහි අලාභය දරා ගැනීමට සිදු වේ.









2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2017 දෙසැම්බර් 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොලීසිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වේ.
The broad objective of SAARCFINANCE is to promote cooperation among Central Banks and Ministries of Finance in SAARC Member States to forge closer cooperation on macroeconomic policies of Member States and to share experiences and expertise within the region.