ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අසාර්ථක මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප පිළිබඳ සොයා බැලීම පිණිස උපදේශන කමිටුවක් පිහිටුවා ඇත.
ව්‍යාපාරික අංශයේ ප්‍රවීණයන් හතර දෙනෙකුගෙන් කමිටුව සමන්විත අතර සීමාසහිත සී බී සී ෆිනෑන්ස් ලිමිටඩ්හි සභාපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති ධර්ම ධීරසිංහ මහතා විසින් එහි සභාපතිත්වය දරනු ලබයි. ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්හි කළමනාකාර හවුල්කරු සුජීව මුදලිගේ මහතා; මුවර් ස්ටීවන්ස් කන්සල්ටින් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ටිෂාන් සුබසිංහ මහතා සහ වරලත් ගණකාධිකාරීවරුන් වන අමරසේකර සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු (විගණනය සහ සහතික කිරීම්) ත්‍යාගරාජා ධර්මරාජා මහතා කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ වෙති.









ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කටාර් මහ බැංකුවේ සහයෝගීතාව සහ ආර්ථීකය කෙරෙහි කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව කටාර් මහ බැංකුවේ අධිපති අතිගරු ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා සමඟ සාකච්ඡා කළේ ය.