බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථික කටයුතු සඳහා අඛණ්ඩව බාධා ඇතිවීම් සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රතිපත්ති මාලාවක් සහ සමස්ත ආර්ථිකයට බලපානු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.
ඒ අනුව, ගෝලීය මෙන්ම දේශීය වශයෙන් පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්රවණතා මනාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේදී 2022 ජනවාරි මාසයේදී ගන්නා ලද ස්ථාවරය තවදුරටත් අවධාරණය කොට පවත්වාගෙන යෑමට තීරණය කළ අතර පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලදී:









ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන් ම විධිමත් ක්‍රමවේද හරහා ප්‍රේෂණ රට තුළට ගලා ඒම ධෛර්යමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ පියවරයන් ගනිමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් ලංකාක්ලියර් (පුද්ගලික) ආයතනය විසින් වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිත ව ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකම් ලබා දීම අරමුණු කර ගත් 'Lanka Remit' නමින් විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුමක් හඳුන්වා දෙන ලදී.