• CCPI-based headline inflation remained in the negative territory in February 2025

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව හයවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2025 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.0ක අවධමනයට සාපේක්ෂව 2025 පෙබරවාරි මාසයේ දී සියයට 4.2ක අවධමනයක් වාර්තා කළේය.

  • SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – January 2025

    ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2025 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. විශේෂයෙන්ම, ස්ථාවර මිල මට්ටම් සහ හිතකර කාලගුණය වැනි යහපත් ව්‍යාපාරික තත්ත්ව හේතුවෙන්, දැනට පවතින ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් වෙමින් පවතින බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ. තවද, මෙම ප්‍රගතිය තවදුරටත් පවත්වා ගැනීම සඳහා නව ව්‍යාපෘතිවල පවතින අවශ්‍යතාවය ද ඔවුහු අවධාරණය කළහ.  

    සම්පූර්ණ ලිපිය

  • Land Valuation Indicator – Second Half of 2024

    කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවන භාගයේ දී 236.8 ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.7 ක වැඩි වීමකි. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 9.9ක, 9.4ක සහ 3.9ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් මෙම වැඩිවීමට දායක විය. අර්ධ වාර්ෂික පදනමින්, එනම්, 2024 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව එම වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අඩු වේගයකින් වර්ධනය වී ඇත. ඉහළම වර්ධනය නේවාසික අනු දර්ශකය මගින් නිරීක්ෂණය වූ අතර, අනුපිළිවෙළින්, වාණිජ හා කාර්මික අනු දර්ශක ද වර්ධනය වී ඇත. 

  • Use of the Word ‘Finance’ in Contravention of the Provisions of the Finance Business Act, No. 42 of 2011

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, 'මුදල්', 'මුල්‍යකරණය' හෝ 'මුල්‍ය' යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතුය.

  • SL Purchasing Managers’ Index (PMI) – January 2025

    2025 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 ජනවාරි මාසයේදී 59.0ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය.

  • The Central Bank of Sri Lanka releases the Monetary Policy Report – February 2025

    2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මුදල් ප්‍රතිපත්ති වාර්තා වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරන අතර, මෙවර  නිකුතුවේ අන්තර්ගතය 2025 වසරේ  ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.

  • Appointment of a High-Level Task Force on Anti-Money Laundering and Countering the Financing of Terrorism (AML/CFT) and Preparations for Sri Lanka’s Third Mutual Evaluation on AML/CFT Framework

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යොන්‍ය ඇගයීම නුදුරු අනාගතයේ දී ආරම්භ වීමට නියමිතය. මූල්‍ය කාර්ය සාධක බලකායේ (මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදක) නිර්දේශ 40 සම්බන්ධයෙන් දක්වන තාක්ෂණික අනුකූලතාව මෙන්ම ක්ෂණික ප්‍රතිඵල 11 ක් හරහා ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කෙරෙන බව මෙම අන්‍යොන්‍ය ඇගයීම තුළ දී ශ්‍රී ලංකාව විසින් පෙන්නුම් කළ යුතුය.

  • CCPI-based headline inflation continued to remain in the negative territory in January 2025

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව පස්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් වාර්තා කළේය.

  • External Sector Performance - December 2024

    අඛණ්ඩව දෙවන වසරටත් ජංගම ගිණුම වෙත වූ ඉහළ ලැබීම් සහ සංචිත ශක්තිමත් වීමත් සමඟ 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය සැලකිය යුතු ලෙස වැඩි දියුණු විය.

  • SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – December 2024

    ඉදිකිරීම් අංශයේ අඛන්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 දෙසැම්බර්  මාසයේදී දර්ශකාංක 51.4ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වැඩි වශයෙන් මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවශ්‍යතාවය ප්‍රතිචාර දැක්වූවන් බොහෝ දෙනෙක් විසින් අවධාරණය කරන ලදී.

Pages