මෑතක දී හඳුන්වා දෙන ලද විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ දී සහ පවත්වා ගෙන යෑමේ දී ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතුවල යෙදෙන බැංකු (බලයලත් වෙළෙඳුන්) අවශ්‍ය නිසි පරීක්ෂා කිරීමේ ක්‍රියාවලි අනුගමනය නො කරන්නේ යැයි බලධාරීන් සහ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ප්‍රකාශ කරන ලද අදහස්/කරුණු ශ්‍රී ලංකා මහ බැංකුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.
විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ 2020.04.08 දිනැති නියෝග නිකුත් කිරීම මගින් කොවිඩ් 19 (Covid – 19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසු ව ශ්‍රී ලංකා රජය විසින් විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දී තිබේ.