• The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates at Current Levels

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 අගෝස්තු මස 02 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මැදිකාලීන වශයෙන් උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එ මගින්  ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ සහ තිරසාර  වර්ධනයක් පවත්වා ගැනීම සඳහා දායක වීම යන මහ බැංකුවේ අරමුණු හා අනුකූල වේ. මුදල් මණ්ඩලය මෙම තීරණය වෙත එළැඹීමේ දී දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය ආර්ථික වර්ධනයන් පුළුල් ලෙස සලකා ඇත. 

  • The Standard Credit Finance Limited - Cancellation of Licence issued under the Finance Business Act No. 42 of 2011 and Certificate of Registration issued under the Finance Leasing Act No. 56 of 2000

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය, 2008 වසරේ සිට මූල්‍යමය අර්බුදයකට මුහුණ දීමට සිදු ව ඇත. මෙම ආයතනයේ තැන්පත්කරුවන්ට පසුගිය වසර දහය පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට නො හැකි වී ඇත. විවිධ උපායමාර්ග හරහා ආයතනය නැවත නගා සිටුවීම සඳහා ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති අතර, වර්තමානයේ පවතින තත්ත්වයෙන් මෙම සමාගම අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ යහපතට තවදුරටත් හානි වනු ඇත.

  • Inflation in June 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මැයි මාසයේ දී පැවැති සියයට 2.1ට සාපේක්ෂ ව  2018 ජුනි මාසයේ දී සියයට 2.5ක් දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 5.7 සිට 2018 ජුනි මාසයේ දී සියයට 5.3 දක්වා පහළ ගියේ ය. 

  • External Sector Performance - May 2018

    2018 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. 2018 වසරේ මැයි මාසයේ දී වෙ‍ෙළඳ හිඟය තවදුරටත් පුළුල් වූ නමුත්, ආනයන වර්ධනයට වඩා අපනයන වර්ධනය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වීමේ වේගය සාපේක්ෂ ව අඩු විය. මාසය තුළ දී සංචාරක ඉපැයීම් තවදුරටත් වර්ධනය වූ අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහත වැටුණි. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් වූ ශුද්ධ විදේශීය ගෙවීම් සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ විදේශීය ලැබීම් අඩු වීම හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. 2018 වසරේ මැයි මාසය අවසානයේ දී රටේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 8.8ක් විය.

  • Sri Lanka Purchasing Managers’ Index - June 2018

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 මැයි මස වාර්තා කළ 60.6ක අගයට සාපේක්ෂ ව 2018 ජුනි මාසයේ දී 57.6ක දර්ශක අගයක් දක්වා අඩු වූ අතර මෙය පසුගිය වසරවල පැවති ප්‍රවණතාවට ද අනුකූල විය. මේ සඳහා, විශේෂයෙන් ම නිෂ්පාදනයේ දක්නට ලැබූ සැළකිය යුතු පහළ යෑම හේතු වූ අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් ආහාරපාන සහ දුම්කොළ නිෂ්පාදන අංශයේ දක්නට ලැබුණු පහළ යෑම බලපෑවේ ය. මේ අතර, නව ඇණවුම් සහ ගැනුම් තොග ද ජුනි මාසය තුළ පහළ ගියේ ය. කෙ සේ වුව ද, රෙඳිපිළි සහ නිමි ඇඳුම් අංශයේ නව බඳවා ගැනීම් සමස්ත සේවා නියුක්තිය ඉහළ යෑමට හේතු විය. මේ අතර, මෙම මාසය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්ව සහ චීනයේ පාරිසරික නීති රීති දැඩි වීම හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ ගියේ ය.

  • Payment for Deposit Holders of Swarnamahal Financial Services PLC

    ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන සම්බන්ධ ව 2018.01.02 දින නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය හා බැ‍ඳේ. 

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරු ව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් සියයට 10ක් තැන්පත්කරුවන් වෙත ගෙවීමට, ආයතනය වෙත උපදෙස් ලබා දී ඇත. මෙම ගෙවීම 2018.07.10 දින ආරම්භ කෙරෙනු ඇත. මෙම ගෙවීම් සැලැස්ම පිළිබඳ විස්තර තැන්පත්කරුවන් වෙත ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය විසින් ඉක්මනින් දැනුම් දෙනු ඇත. 

  • The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates at Current Levels

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 ජූලි මස 05 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා දායක වීමට අරමුණු කෙරේ. 

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යෑමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.

  • External Sector Performance - April 2018

    2018 අප්‍රේල් මාසයේදී ජංගම ගිණුමේ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පිළිබිඹු වීම මධ්‍යයේ වුවද, ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ අඛණ්ඩ ලැබීම් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් විය. විශේෂයෙන්ම, 12 වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් ලද ලැබීම්, ව්‍යාපෘති ණය හා අක්වෙරළ බැංකු ඒකක ණය සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන වැනි මූල්‍ය ගිණුම වෙත වූ ඉහළ ලැබීම් 2018 අප්‍රේල් මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය මෙතෙක් පැවති ඉහළම මට්ටම වන එ.ජ. ඩොලර් බිලියන 9.9 මට්ටම කරා ළඟා වීම සඳහා හේතු විය. ජංගම ගිණුමෙහි දැක්වෙන පරිදි අපනයන ආදායම් වර්ධනය අඩු මට්ටමක පවතින අතරතුර ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් 2018 අප්‍රේල් මාසයේදී වෙළඳ හිඟය පුළුල් විය. කෙසේ වුවද, මාසය තුළදී සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව හිතකර වර්ධනයක් වාර්තා කළේය.

  • Statement Issued by Dr. Indrajit Coomaraswamy, Governor of the Central Bank of Sri Lanka

    පසුගිය දිනවල දිගින් දිගට ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට විරුද්ධ ව, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය මගින් චෝදනා නගා තිබිණි.

    මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු ව ඇත. විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මා මෙතෙක් මහ බැංකු අධිපතිවරයා වශයෙන්  කටයුතු කළ වසර දෙක තුළ දී බැංකුවේ කාර්යයන්ට අදාළ ව සුවිශේෂී දායකත්වයක් සිදු කළ නිලධාරියෙකි.

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමි. 

     

Pages