පාසල් සිසු සිසුවියන් ඇතුළු රජරට හා වයඹ ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවාවන් පහසුවෙන් ලබා දීම සඳහාත්, එම සේවාවන් පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කිරීම උදෙසාත් පැවැත්වෙන 'මහ බැංකුව ඔබ හමුවට...' විවෘත දිනය 2018 සැප්තැම්බර් 21 සහ 22 දිනවල දී අනුරාධපුර ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේ දී සහ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී (සල්ගාදු ක්‍රීඩාංගනයේ දී) පැවැත්වේ.
පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී මහජනතාවට තම අර්ථසාධක අරමුදල පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම කළ හැකි ය. ඊට අමතර ව කාසි හා නෝට්ටු හුවමාරුව ද සිදු කෙරේ.









ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2018” පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල්වල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද මෙම ප්රකාශනයේ ඇතුළත් වේ.