ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2021" වාර්ෂික ප්රකාශනයෙහි වෙබ් පිටපත මහ බැංකු වෙබ් අඩවිය ඔස්සේ මහජන පරිශීලනය සඳහා නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 44 වන වෙළුමයි.
ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වය, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය, සහ, මුදල්, බැංකු කටයුතු සහ මූල්‍ය වශයෙන් ශීර්ෂ 14 ක් යටතේ දත්ත මෙම ප්රකාශනයෙහි ඇතුළත් වේ.
පුළුල් පරාසයක් ආවරණය කෙරෙන නවතම සමාජ ආර්ථික දත්ත මෙහි සාරාංශ කර ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට හා සිසුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද මෙම ප්රකාශනය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.









ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අද දින 2021.09.24 පැවැත්වුණි. එහි දී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස 2021 සැප්තැම්බර් 15 වන බදාදා කොළඹ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹුවේය. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කරන ලදි. මේ අනුව කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපති වශයෙන් ද කටයුතු කරනු ඇත.