ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, අනුමත වීමෙන් අනතුරුව මෙය ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ වන පරිපාලන නීතිය වේ. මේ වන විට මෙම පනත් කෙටුම්පත මහජන අදහස් සඳහා විවෘතව පවතී.
මෙම යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ සිංහල මාධ්‍යයෙන් ප්‍රසිද්ධ දේශනයක්, මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම දේශනයෙන් අනතුරුව දේශනයට සහභාගීවන්නන් හට මේ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා සම්පත් දායක මඩුල්ලක සහභාගීත්වයෙන් සාකච්ඡා වටයක් පැවැත්වීමටද නියමිතය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියෙස මගින් සංවිධානය කරනු ලබන මෙම දේශනය 2023 මාර්තු මස 16 වන දින පස්වරු 2.30 සිට 4.30 දක්වා අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයෙහි පිහිටි බැංකු විදු පියෙස ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.









It is with deep sorrow that we announce the demise of former Governor of the Central Bank of Sri Lanka (CBSL), Mr. H.B. Dissanayake.