ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ ප්‍රාථමික වෙළෙඳ ආයතනයක් වශයෙන් කටයුතු කරනු ලබන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්හි පරීක්ෂණ වාර්තාව සඳහා පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබුණි.
මෙම වාර්තාව මහජනතාව වෙත නිකුත් කර ඇත්තේ නිසි අවසරයකින් තොරවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් එම වාර්තාව සම්බන්ධයෙන් වන අභ්‍යන්තර ක්‍රියාවලිය සම්පූර්ණ කර එහි අවසන් වාර්තාව මුදල් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැත. මෙම අනවසර හෙළිදරව් කිරීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව තම අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කර ඇති අතර මෙම වාර්තාව අනවසර ලෙස නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ නීති බලගැන්වීමේ අධිකාරීන්වලට දැනටමත් පැමිණිලි කොට ඇත.