ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 ජනවාරි මාසයේ පැවති සියයට 5.4ට සාපේක්ෂ ව 2018 පෙබරවාරි මාසයේ දී සියයට 3.2ක් දක්වා පහළ ගියේ ය. මේ සඳහා, 2017 පෙබරවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන් ම 2018 පෙබරවාරි මාසයේ දී පැවති සතුටුදායක සැපයුම් තත්ත්ව හේතුවෙන් ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම 2018 පෙබරවාරි මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම සැලකිය යුතු පහළ යෑමට හේතු විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 7.6 සිට 2018 පෙබරවාරි මාසයේ දී සියයට 7.2 දක්වා පහළ ගියේ ය.