• Regulatory Actions Taken by the Central Bank of Sri Lanka on The Finance Co PLC

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා 2019 පෙබරවාරි 15 දින සිට බල පැවැත්වෙන පරිදි කෙටි කාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් බලාත්මක කිරීමට පියවර ගන්නා ලදී. එම නියාමන ක්‍රියාමාර්ග අතර ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් නව තැන්පතු බාර ගැනීම අත්හිටුවීම, තැන්පතු ආපසු ගැනීම අත්හිටුවීම, ණය හා අත්තිකාරම් ප්‍රදානය අත්හිටුවීම ආදිය අන්තර්ගත වේ.

  • The International Monetary Fund Releases the Sixth Tranche of US Dollars 164.1 Million Under the Extended Fund Facility

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජා.මූ. අරමුදලෙහි) විධායක කමිටුව විසින් විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 118.5 ක (දළ වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 164.1) හයවැනි වාරිකය මුදා හැරීම අනුමත කරන ලදී. විධායක කමිටුව විසින් මෙම පහසුකම 2020 වසරේ ජුනි මාසය දක්වා වසරකින් දීර්ඝ කරන ලද අතර ඉතිරි වාරික මුදා හැරීම් ඊ‍ට අනුකූලව සිදු කිරීමට නියමිතය.

  • Sale of Subsidiaries Sub-subsidiaries and Investment Properties of ETI Finance Ltd

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2017 අග භාගයේ සිට මුහුණ දුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදය ද ඇතුළත් ව 2011 සිට පැවති විවිධ අක්‍රමිකතා සඳහා විසඳුම් ලබා දීමට ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත.

    ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පැවති අතිශයින් අවදානම් ද්‍රවශීලතා තත්ත්වය මත තැන්පත්කරුවන්ට අ‍යත් තැන්පතු ආපසු ගෙවීමේ දුෂ්කරතා හේතු කොට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ආයතනයේ මෙහෙයුම් කටයුතු සීමා කරමින් විධාන කීපයක් 2018.01.02 වන දින නිකුත් කරන ලදී. තව ද, ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සලකා බැලීමෙන් අනතුරු ව තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ මූලික අරමුණින් ඊ ටී අයි ෆිනෑන්ස් ලිම්ටඩ් ආයතනයේ හඳුනා ගත් පාලිත සමාගම්, උප පාලිත සමාගම් ඇතුළු ආයෝජන වත්කම් ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක සමස්ථ වටිනාකමකට විකිණීමට මුදල් මණ්ඩලය විසින් එකඟතාව ලබා දෙන ලදී.

  • Measures to Reduce Lending Rates and Drive Credit Flows to Small and Medium Enterprises (SMEs) Sector

    වෙළෙඳපොළ ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීම සහ එක් දින පොලී අනුපාතික අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ලබා ගෙන තිබිය දී, බලපත්‍රලාභී බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන මගින් ණය ලබා දීමේ දී, අධික පොලී අනුපාත අය කිරීම සහ තැන්පතු සඳහා ඉතා ඉහළ පොලී අනුපාත ලබා දීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන් ම, මනා ලෙස පාලනය කරන ලද උද්ධමනයක් හා උද්ධමන අපේක්ෂාවක් පවත්වා ගෙන යනු ලබන වටපිටාවක් තුළ, ශ්‍රී ලංකාවේ මූර්ත පොලී අනුපාත කලාපයේ අනෙකුත් ආර්ථිකයන් හා සැසඳීමේ දී අධික ව පවතින බව පෙනී යන කරුණකි.

  • The Annual Report of the Central Bank of Sri Lanka for the Year 2018

    2018 වසරේ දී පහළ උද්ධමනකාරී වාතාවරණයක් මධ්‍යයේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය සහ දේශීය බාධාවන්ට ලක්වීමේ අවදානම් සහගත බව වැඩි වශයෙන් පිළිබිඹු කළේ ය. 2018 වසරේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පසුගිය වසරේ වාර්තා කළ සියයට 3.4ට සාපේක්ෂ ව සියයට 3.2ක අගයක් වාර්තා කළේ ය. සේවා අංශයේ ක්‍රියාකාරකම්වල සිදු වූ සියයට 4.7ක වර්ධනය සහ කෘෂිකාර්මික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් එම අංශයේ වාර්තා කළ සියයට 4.8ක වර්ධනය මේ සඳහා වැඩි දායකත්වයක් සැපයුවේ ය. ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් කටයුතුවල පසුබෑම හේතු කොට ගෙන වසර තුළ දී කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 0.9ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී විය. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ වියදම් ප්‍රවේශය අනුව, පරිභෝජන වියදම් සහ ආයෝජන වියදම් යන දෙඅංශය ම 2018 වර්ෂයේ ආර්ථික වර්ධනය සඳහා දායක විය.

  • Inflation in March 2019

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ප්‍රධාන වශයෙන් ම පසුගිය වසරේ අනුරූප මාසයේ දී පැවති අඩු පදනම් අගය හේතුවෙන් 2019 පෙබරවාරි මාසයේ පැවති සියයට 2.4 හි සිට 2019 මාර්තු මාසයේ දී සියයට 2.9 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 මාර්තු මාසයේ දී පිළිවෙලින් සියයට -2.3 සහ සියයට 7.1 ලෙස වාර්තා විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ වෙනස, 2019 මාර්තු මාසයේ දී සියයට 1.7 හි නො වෙනස් ව පැවතුණි.

  • External Sector Performance - February 2019

    වසර පහකට වඩා වැඩි කාලයකට පසුව වූ අඩුම වෙළඳ හිඟය වාර්තා කරමින් 2019 වසරේ පෙබරවාරි මාස‍යේදී වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 451 ක් දක්වා තවදුරටත් අඩු විය.

    2019 වසරේ පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීමට, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ආනයන වියදම සියයට 27.6 කින් කැපී පෙනෙන ලෙස අඩු වීම සහ අපනයන ආදායම සියයට 7.2 කින් වර්ධනය වීම හේතු විය.

    2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට සංචාරක පැමිණීම් මාසිකව 240,000 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කරමින් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 2019 වසරේ පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම් සියයට 7.0 ක වර්ධනයක් වාර්තා කළ අතර එමගින් සංචාරක ඉපැයීම්හි ඉහළ වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගත්තේය.

    සම්පුර්ණ ලිපිය

  • External Sector Performance - January 2019

    2019 ජනවාරි මාස‍යේ වෙළඳ හිඟයෙහි පසුගිය මාසවලදී පිළිබිඹු කළ යහපත් ප්‍රවණතාව අඛණ්ඩව පැවතිණි. වෙළඳ හිඟය 2018 වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා කළ එ.ජ. ඩොලර් මිලියන 701 සහ 2018 වසරේ ජනවාරි මාසයේදී වාර්තා කළ එ.ජ. ඩොලර් මිලියන 1,049 සමඟ සැසඳීමේදී 2019 වසරේ ජනවාරි මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 617 ක් වාර්තා කළේය.

    වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීම, අපනයන ආදායම ඉහළ යෑමේ සහ ආනයන වියදම කැපී පෙනන ලෙස පහළ යෑමේ ඒකාබද්ධ ප්‍රතිඵලයක් විය. 2019 වසරේ ජනවාරි මාසයේදී අපනයන පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.5 කින් වර්ධනය වූ අතර, ආනයන සියයට 17.8 කින් සැලකිය යුතු ලෙස අඩු විය.

    සංචාරක පැමිණීම් 2019 වසරේ ජනවාරි මාසයේදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් වර්ධනය වූ අතර, එමගින්, මාසය තුළදී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 458 ක් ලෙස වාර්තා විය.

  • Sri Lanka Purchasing Managers’ Index - March 2019

    2019 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය. නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් පිළිඹිබු කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 46ක් තුළ වාර්තා කළ ඉහළ ම අගයට ළඟා විය. උත්සව සමයේ පවතින ඉල්ලුමත් සමඟ, විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ, නව ඇණවුම්වල දක්නට ලැබුණු වර්ධනය මාර්තු මාසය තුළ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.

  • The Central Bank Launched a Roadmap for Sustainable Finance in Sri Lanka

    Dr. P Nandalal Weerasinghe, Senior Deputy Governor, Central Bank of Sri Lanka Launching the Roadmap for Sustainable Finance in Sri Lanka at the Sustainable Banking Network Global Meeting of the International Finance Corporation.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම 2019 අප්‍රේල් 10 වැනි දින එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation, IFC) තිරසාර බැංකු ජාලයේ (Sustainable Banking Network, SBN) ගෝලීය හමුවේදී දියත් කරන ලදී. මෙම පෙර දැක්ම තුළින් මූල්‍ය නියාමකයින් සහ මූල්‍ය ආයතන සඳහා පුළුල් මඟ පෙන්වීමක් ඉදිරිපත් කර ඇති අතර, මූල්‍ය ආයතන විසින් මූල්‍යනය කරන ව්‍යාපෘතිවලට අනුබද්ධිත පාරිසරික, සමාජයීය සහ පාලන (Environmental, Social and Governance, ESG) අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමත්, කාලගුණික හිතකාමී, සමාජයීය අන්තර්ගතික (Socially Inclusive) හරිත ව්‍යාපාර සඳහා වැඩි අනුග්‍රාහකත්වයක් දැක්වීමත් අපේක්ෂා කරයි.

Pages