2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යෑම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017.11.06 වැනි දින තීරණය කරන ලදි.
ආයතනයේ දුර්වල කළමනාකරණය සහ කළමනාකාරිත්වය විසින් සිදු කළ අක්‍රමවත් ගනුදෙනු නිසා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2013 වර්ෂයේ සිට බලවත් ද්‍රවශීලතා අර්බුදවලට මුහුණ දෙමින් සිටියි. මෙම ආයතනයේ අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් ව්‍යාපාරයේ වත්කම්වල වටිනාකම වංචනික ව වැඩි අගයකින් පෙන්වා ඇති අතර එම වත්කම් ව්‍යාජ හෝ වෙනත් බැඳීම්වලට යටත් බව ඒ හා සම්බන්ධ ලේඛණ පරික්ෂාවට ලක් කිරීමේ දී අනාවරණය වී ඇත.