ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන් ම විධිමත් ක්‍රමවේද හරහා ප්‍රේෂණ රට තුළට ගලා ඒම ධෛර්යමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ පියවරයන් ගනිමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් ලංකාක්ලියර් (පුද්ගලික) ආයතනය විසින් වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිත ව ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකම් ලබා දීම අරමුණු කර ගත් 'Lanka Remit' නමින් විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුමක් හඳුන්වා දෙන ලදී.
විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදුම 'Lanka Remit' පෙබරවාරි 8 වන දින ගරු නාමල් රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා විසින් දියත් කරන ලදී.