• Sri Lanka Purchasing Managers’ Index - November 2020

    2020 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ ගිය අතර, සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉකුත් මාසයට වඩා වැඩි වුවද එය තවදුරටත් කඩඉම් මට්ටමට වඩා පහළ අගයක පැවතුණි.

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව දර්ශකාංක 17.3කින් ඉහළ යමින් 2020 නොවැම්බර් මාසයේ දී 57.6ක අගයක් වාර්තා කරන ලදී. විශේෂයෙන් ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ නව ඇනවුම් වල දක්නට ලැබුණු සැලකිය යුතු ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. තවද. රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සහ ලෝහ නොවන ඛනිජ ද්‍රව්‍යය නිෂ්පාදන අංශයන්හි ඇතුළුව නිෂ්පාදන උප දර්ශකය ඉහළ යාම සහ සියලුම නිෂ්පාදන අංශයන්හි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි සිදුවූ ඉහළ යාම ද නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ඉහළ යාම කෙරෙහි හේතු විය.

  • External Sector Performance - October 2020

    එ.ජ. ඩොලර් බිලියන 1.0ක කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව ආපසු ගෙවීමත් සමඟ 2020 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය බාහිර කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව තවදුරටත් පිළිබිඹු කළේය. වෙළඳ හිඟය තවදුරටත් පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වැඩි වීම සහ එම කරුණුවල ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි ඇති වූ ස්ථාවරත්වය යනාදියෙහි බලපෑම මාසය තුළ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි හිතකර ලෙස දායක විය. ගෝලීය බොරතෙල් මිල අඩු මට්ටමක පැවතීම සහ රජය විසින් පනවා ඇති ආනයන සීමා කිරීම් හේතුවෙන් ආනයන අඛණ්ඩව අඩු වී ඇති අතර, ඔක්තෝබර් මස මුල සිට නැවත කොවිඩ්-19 රෝගීන් වර්තා වීම හේතුවෙන් දේශීය නිෂ්පාදන සහ උපකාරක සේවාවන් වෙත ඇති වූ බාධාවන් සහ විදේශීය ගැනුම්කරුවන් වෙතින් වූ දුර්වල ඉල්ලුම හේතුවෙන් 2020 ඔක්තෝබර් මාසයේ දී අපනයන පහත වැටුණි. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව මෙම මාසය තුළදී ද අඛණ්ඩව වර්ධනයක් වාර්තා කළේය.

  • Response to the Downgrade of Sri Lanka's Rating by S&P Global Ratings

    එස් ඇන්ඩ් පී ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (S & P Global Ratings) විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමේ නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ප්‍රතිචාරය පහත සබැඳියෙහි දක්වා ඇත.

  • Extension of the validity period to open Special Deposit Accounts and permission to retain funds held in such accounts in Sri Lanka

    රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020 අප්‍රේල් 08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ අනුව, 2020 ඔක්තෝබර් 07 දින වන විට, විශේෂ තැන්පතු ගිණුම්වල ඇති මුළු තැන්පතු ප්‍රමාණය දළ වශයෙන් එ.ජ.ඩො. මිලියන 272ක් විය.

    විදේශ විනිමය ඉතා විශාල ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ගැනීමට විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම සහ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි ධනාත්මක බලපෑම සලකා බලා ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වලංගු කාලය 2021 අප්‍රේල් 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

  • CCPI based Inflation increased to 4.1 per cent in November 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 10.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 10.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.3හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 1.6 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

  • Withdrawal of Appoinment of Natwealth Securities Limited as a Primary Dealer

    නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, අදාළ සමාගමට ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කටයුතු කිරීමට ලබා දී තිබූ පත් කිරීම, 2020 නොවැම්බර් 30 වන දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

  • Response to the Downgrade of Sri Lanka’s Rating by Fitch Ratings

    ෆිච් ශ්රේණිගත කිරීමේ ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම පහත හෙලීමේ නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද ප්‍රතිචාරය පහත සබැඳියෙහි දැක්වේ.

  • The Central Bank of Sri Lanka Continues its Accommodative Monetary Policy Stance

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 නොවැම්බර් 25 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹිණි. වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත වෙළඳපොළ ණය අනුපාතිකවල අඩුවීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර, විශේෂයෙන් දේශීය මුදල් වෙළඳපොළේ ඉහළ මට්ටමක පවතින අතිරික්ත ද්‍රවශීලතාව සැලකිල්ලට ගනිමින් ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන නොමැති වාතාවරණයක ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ණය අනුපාතිකයන්හි අඛණ්ඩ පහළ යෑමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ආර්ථික පුනර්ජීවනයට සහාය වීම සඳහා, වැටුප් ලබන සේවකයින් සඳහා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කළ අතර, නුදුරු අනාගතයේ දී ආර්ථිකයේ තෝරාගත් අංශ සඳහා ණය ලබා දීමේ ඉලක්ක හඳුන්වා දෙනු ඇත.

  • Sri Lanka Purchasing Managers’ Index - October 2020

    2020 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

    ඔක්තෝබර් මස මුල සිට ආරම්භ වූ COVID-19 වසංගතයේ දෙවන රැල්ලේ අහිතකර බලපෑම් හේතුවෙන් 2020 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන කටයුතු වල ක්‍රියාකාරීත්වයේ පහළ යාමක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව, විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදන සහ ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශවල නිෂ්පාදනය, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් වල සිදුවු සැලකිය යුතු පහළ යාම හේතුවෙන් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ඔක්තෝබර් මාසයේදී 40.3ක් දක්වා පහළ යන ලදී.

  • NCPI based Inflation decreased in October 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.4හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.5 දක්වා පහළ ගියේය. 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 12.7හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 10.6 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 1.4හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

Pages