• The CBSL releases the key findings of the Systemic Risk Survey (SRS) – H1 2026

    2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින් 2025 දෙසැම්බර් 19 සිට 2026 ජනවාරි 16 දක්වා කාලය තුළ,  දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් අනතුරුව සිදු කර ඇත.

  • CCPI based headline inflation decelerated in February 2026

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී පහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය, 2026 ජනවාරි මාසයේ දී පැවති සියයට 2.3ට සාපේක්ෂව 2026 පෙබරවාරි මාසයේ දී සියයට 1.6ක් ලෙස වාර්තා විය. 

  • External Sector Performance - January 2026

    2025 වසරේ ජනවාරි මාසයට සහ මෑත මාසවලට සාපේක්ෂව, 2026 වසරේ ජනවාරි මාසයේ දී, විදේශීය ජංගම ගිණුමේ ඉහළ අතිරික්තයක් වාර්තා විය. 2025 වසරේ දී ඇස්තමේන්තු කළ එ.ජ. ඩොලර් බිලියන 1.7ක (තාවකාලික) අතිරික්තයෙන් පසුව වාර්තා වූ මෙම අතිරික්තය විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වයේ අඛණ්ඩ වර්ධනය පෙන්නුම් කරයි. 

    ආනයනවල  වර්ධනයට වඩා  අපනයනවල වර්ධනය ඉහළ යෑම නිසා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2026 වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩුවිය.

  • Sri Lanka PMI - Construction Increased Notably in January 2026

    ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජනවාරි මාසයේ දී  දර්ශකාංක 75.0ක් දක්වා ඉහළ ගිය අතර, එය 2020 ජූලි මාසයේ දී වාර්තා වූ 75.7ක උපරිම අගයෙන් පසු වාර්තාගත දෙවන ඉහළම අගය වේ. 2026 වසර ආරම්භය සමග නව ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ වීම හා කාලගුණික තත්ත්වය වඩා යහපත් වීම  ජනවාරි මාසය තුළ ඉදිකිරීම් ක්‍රියාකාරකම්  ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. 

  • Land Valuation Indicator – Second Half of 2025

    කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී සියයට 10.6කින් වර්ධනය විය. මෙම වර්ධනය, ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක වන නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම පිළිබිඹු වූ අතර, ඒවා පිළිවෙළින් සියයට 12.4ක, 11.3ක සහ 8.0ක වාර්ෂික ඉහළයෑම් වාර්තා කළේය. මේ අතර, 2025 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අර්ධ වාර්ෂික පදනම අනුව මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. මෙහිදී, වාණිජ සහ නේවාසික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කළේය.

  • Notice to General Public on Prohibited Pyramid Schemes

    1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත.

  • Central Bank of Sri Lanka to promote digital payments in Kurunegala

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් 2026 පෙබරවාරි 20 සහ 21 යන දිනයන් හි දී එම ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

  • The Managing Director of the International Monetary Fund Visits the Central Bank of Sri Lanka

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී 2026 වසරේ පෙබරවාරි 17වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචාරයක නිරත වූවාය. ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා වසර 75ක් සැපිරීම මෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ 75වන සංවත්සරයට සමගාමීව මෙම සංචාරය සිදු විය. මහ බැංකු පරිශ්‍රයේ පැවති හමුවක දී ආචාර්ය ජෝර්ජිවා මහත්මිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හමු වූවාය.

  • SL Purchasing Managers’ Index (PMI) – January 2026

    2026 ජනවාරි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජනවාරි මාසයේ දී දර්ශකාංක 56.1ක අගයක් වාර්තා කළේය. 2025 දෙසැම්බර් මාසයේ උත්සව සමය හේතුවෙන් වාර්තා වූ ඉහළ අගයට සාපේක්ෂව මන්දගාමී වේගයකින් වුවද, නිෂ්පාදන කටයුතු මාසික පදනමින් වර්ධනය වී ඇති බව මෙමගින් පිළිබිඹු වේ. සියලුම උප දර්ශක මාසය තුළ දී කඩයිම් මට්ටමට ඉහළින් පැවතුණි.  

  • The Central Bank of Sri Lanka releases the Monetary Policy Report – February 2026

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූල‍ව, ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම ද්විවාර්ෂික මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන් ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම එම පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයයි. මෙම වාර්තාව මගින් මහ බැංකුව, සිය මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණවලට පාදක වූ මූලික කරුණු සන්නිවේදනය කරමින්, සිය විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ප්‍රයත්න දරයි.  

Pages