ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස, 2025 වසරේ ඔක්තෝබර් මස 13 සිට 18වන දින දක්වා වොෂින්ටන් ඩී.සී.හි පැවති ලෝක බැංකු සමූහයේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම් අතරතුර දී, ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සක්‍රීයව සම්බන්ධ විය.
එම සාකච්ඡාවල දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය, ලෝක බැංකු සමූහයේ සභාපති, ආයතන ද්විත්වයේ ම ඉහළ පෙළේ නිලධාරීන් සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් හමු විය. එහි දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වූ නියෝජිත පිරිස වෙත ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සඳහා ඉහළ සහයෝගයක් පළ විය. යෝග්‍ය රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති ඇතුළු රටේ විචක්ෂණශීලී සාර්ව ආර්ථික කළමනාකරණය, මූල්‍ය පද්ධති ස්ථායීතාව සුරක්ෂිත කිරීමට ගන්නා ප්‍රයත්න, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාල සහ පාලනයේ අඛණ්ඩ වැඩි දියුණු කිරීම් සඳහා පුළුල් පිළිගැනීමක් හිමි විය.