2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
-
Administrative Penalties imposed by the Financial Intelligence Unit on Reporting Institutions from the period of April to June 2026
-
SL Purchasing Managers’ Index (PMI) – October 2026
2026 ඔක්තෝබර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ඔක්තෝබර් මාසයේ දී 55.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයන් වාර්තා කරමින් මෙම වර්ධනය සඳහා ධනාත්මකව දායක විය.
-
Clarification on the Auditors to Audit the Accounts of Licensed Banks in Sri Lanka
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින් එහි අභ්‍යන්තර වංචාවක් පිළිබඳව අනාවරණය කිරීමෙන් අනතුරුව, එම බැංකුවේ මූල්‍ය ප්‍රකාශන විගණනයට සම්බන්ධ වූ අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා (M/s Ernst & Young, Sri Lanka) ආයතනයේ විගණනය භාර හවුල්කරු (Engagement Partner) සහ තත්ත්ව සහතික කිරීමේ හවුල්කරු (Quality Assurance Partner) වෙත බලපත්‍රලාභී බැංකුවල කිසිදු විගණන කාර්යයක් පැවරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතනය වෙත දැනුම් දී ඇත.
-
CCPI-based headline inflation accelerated in October 2026
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ සියයට 8.0හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 8.7හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර, එම කාලය තුළ දී ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.7හි සිට සියයට 8.0 දක්වා ඉහළ ගියේය.
-
External Sector Performance - September 2026
2026 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ අතිරික්තයෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 128ක හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය ඉහළ යෑමේ සහ සේවා ගිණුමේ අතිරික්තය අඩු වීමේ බලපෑම ඉක්මවා වෙළඳ හිඟය අඩු වීම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන්, මෙම ජංගම ගිණුමේ හිඟය 2025 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අඩු විය. 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ එ.ජ. ඩොලර් මිලියන 420ක සමුච්චිත හිඟයක් වාර්තා විය.
-
Sri Lanka PMI - Construction expanded in September 2026
2026 සැප්තැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, දර්ශකාංක 57.8ක අගයක් වාර්තා කළේය. නව ව්‍යාපෘති අඛණ්ඩව ආරම්භ වීම, ඉදිකිරීම් අංශයේ පෙන්නුම් කළ වර්ධනයට දායක විය. කෙසේ වෙතත්, බිටුමන් (තාර) හිඟය ඉදිකිරීම් ක්ෂේත්රයේ කටයුතු සදහා ප්‍රධාන බාධකයක් ලෙස පවතින අතර, ඒ හේතුවෙන් මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක කටයුතු ප්‍රමාද විය.
-
Notice to General Public on Prohibited Pyramid Schemes - Max App Media Ltd.
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “Max App Media Ltd. සහ ඊට අනුබද්ධිත Max LK (Pvt) Ltd., Max Media Lanka (Pvt) Ltd.” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත.
-
Central Bank of Sri Lanka Hosts 76th Anniversary Oration on “The Intelligent Central Bank: Building Trust in the Age of AI”
ශ්‍රී ලංකා මහ බැංකුවේ 76 වන සාංවත්සරික දේශනය 2026 ඔක්තෝබර් 23 වන දින මහ බැංකු සන්ථාගාරයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ප්‍රවීණ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්රඥයින්, මූල්‍ය අංශයේ නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් සහභාගී විය.
-
SL Purchasing Managers’ Index (PMI) – September 2026
2026 සැප්තැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 සැප්තැම්බර් මාසයේ දී 53.0ක දර්ශක අගයක් වාර්තා කළ අතර, එය පෙර මාසයේ අගයට සාපේක්ෂව නොවෙනස්ව පැවතිණි. මේ මඟින් සැප්තැම්බර් මාසය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් පෙර මාසයට සමාන වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි.
-
The Central Bank of Sri Lanka Releases the Financial Stability Review for the Year 2026
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ. තවද, මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ද මෙහි ඇතුළත් වේ. මූලික වශයෙන් මෙම වාර්තාව මගින් 2026 ජූනි මස අවසානය දක්වා වූ දත්ත ආවරණය කර ඇත. මෙම ප්රකාශනයේ විද්‍යුත් පිටපතක් මහ බැංකු වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.








