ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදු කරනු ලබන තැන්පතු අහිමි වී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයෝ පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටිති.
රටේ මහජනතාවගේ තැන්පතු භාර ගන්නා බැංකු සහ බැංකු නො වන මූල්‍ය ආයතන දෙවර්ගයෙහි ම නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු ම පියවර අඛණ්ඩ ව ගන්නා බවට ප්‍රතිඥා දෙයි. මෙම තත්ත්වයන් යටතේ මූල්‍ය ආයතන සහ ඒවායේ ස්ථාවරභාවයට අදාළ සත්‍ය තත්ත්වයන් පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම මෙම ප්‍රකාශනයේ අපේක්ෂාවයි.