ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 6.8හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.7 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය. 2020 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ දී පැවති සියයට 11.0හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 11.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2021 ජූලි මාසයේ දී පැවති සියයට 5.4හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 5.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.