ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2019” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.
මෙම ප්‍රකාශනයෙහි ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මූදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන්ම අනෙකුත් රටවල්වල තෝරාගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ.
දත්ත භාවිතා කරන්නන්ගේ විවිධ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි කාලශ්‍රේණි සහ හරස්කඩ පදනමින් මෙම ප්‍රකාශනයේ දත්ත ඉදිරිපත් කර ඇති අතර, මෙය ව්‍යවසායකයන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ගුරුවරුන්ට, ශිෂ්‍යයන්ට සහ මහජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.