ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.6 ට සාපේක්ෂව 2018 මැයි මාසයේ දී සියයට 2.1 ක් දක්වා ඉහළ ගියේය. 2018 මැයි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ ඉහළ යෑමට, ආහාර නොවන කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ නැංවීම ප්‍රධාන වශයෙන් හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස 2018 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 6.1 සිට 2018 මැයි මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේය.
-
Inflation in May 2018
-
Sri Lanka Purchasing Managers’ Index - May 2018
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2018 මැයි මාසයේ දී 60.6ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2018 අප්‍රේල් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 15.1 කින් ඉහළ ගියේ ය. ඒ මඟින්, අප්‍රේල් මාසයේ දක්නට ලැබුනු සෘතුමය පහළ යෑමෙන් පසු ව නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් ව ඇති බව පිළිබිඹු වේ. මේ සඳහා, විශේෂයෙන් ම රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශය සඳහා මැයි මාසය තුළ ඇති වූ නව ඇණවුම්හි ඉහළ යාම මෙන් ම, අප්‍රේල් මාසය තුළ වැඩි නිවාඩු දින ප්‍රමාණයක් පැවැතීම හේතුවෙන් නිම කළ නො හැකි වූ ඇණවුම්හි නිෂ්පාදන කටයුතු කිරීම, නිෂ්පාදන ක්‍රියාකාරකම්හි ඇති වූ ඉහළ යෑම සඳහා හේතු විය. නව ඇණවුම්, ගැනුම් තොග සහ සේවා නියුක්තිය යන උප දර්ශක ද මැයි මාසය තුළ ඉහළ ගියේ ය. කෙ සේ වුව ද, රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශය සඳහා වන සේවා නියුක්ති උප දර්ශකය දර්ශක අගය වන 50.0ට වඩා අඩු මට්ටමක පැවැතුණි.
-
The International Monetary Fund Releases the Fifth Tranche of US dollars 252 million under the Extended Fund Facility
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් 2018 වසර සඳහා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ හතරවන වගන්තිය (Article IV) සම්බන්ධ සාකච්ඡා අවසන් කර, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිවිවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක) පස්වන වාරිකය මුදා හැරීම අනුමත කළේ ය. ශ්‍රී ලංකා රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ගෙවුම් තුලනය සඳහා සහාය දැක්වීම විස්තීර්ණ ණය පහසුකමෙන් අරමුණු කෙරේ.
-
External Sector Performance - March 2018
2018 මාර්තු මාසයේ දී විදේශීය අංශයේ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබිණ. ආනයන වියදම් අඛණ්ඩ ව ඉහළ ගිය ද, 2018 මාර්තු මාසයේ දී අපනයන මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කළ අතර, වසරේ පෙර මාස දෙකෙහි පැවති ප්‍රවණතාව වෙනස් වී වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා එය දායක විය. 2018 ජනවාරි මාසයේ සිට දක්නට ලැබුණු යහපත් ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් සංචාරක ඉපැයීම් 2018 මාර්තු මාසයේ දී ද සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. 2018 පෙබරවාරි මාසයේ දී අඩු වීමක් වාර්තා කළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද මෙම මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර, විශේෂයෙන් ම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමත් සමඟ මාර්තු මාසයේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුමේ ගෙවීම් ඉහළ යෑමක් දක්නට ලැබිණ. රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය හිතකර මට්ටමක පැවතුණි.
-
Deshamanya Amarananda Somasiri Jayawardena, Former Governor of the Central Bank, Passes Away
ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූූ දේශමාන්‍ය අමරානන්ද සෝමසිරි ජයවර්ධන මහතා අවුරුදු 82ක් ආයු වළඳා 2018 මැයි 29 වන දා අභාවප‍්‍ර‍්‍රාප්ත වූූ බව සංවේගයෙන් දන්වා සිටිමු.
1995 නොවැම්බර් සිට 2004 ජූූනි දක්වා මහ බැංකු අධිපති ධුරය හෙබවූූ ජයවර්ධන මහතා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ 10 වන අධිපතිවරයා ය. 1958 ශ්‍රී මහ බැංකු සේවාවට එක් වූූ ඒ මහතා මහ බැංකුවේ ලේකම් දෙපාර්තමේන්තුවේ සහ ආයතන දෙපාර්තමේන්තුවේ සේවයෙන් අනතුරු ව 1977 සිට 1980 දක්වා ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ ධුරය දැරී ය.
-
External Debt and Reserves - Need to identify not only borrowings but also the debt repayments in analyzing how gross official reserves were utilized
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සහ විදේශීය ණය සේවාකරණය සම්බන්ධයෙන් ජනතාව නො මග යවන ආකාරයේ පුවත්පත් වාර්තාවක් පළ වී ඇත.
එම පුවත්පත් වාර්තාවේ අන්තර්ගතය තුළින් රටේ විදේශීය අංශයේ තත්ත්වය පිළිබඳ වැරදි අර්ථ කථනයක් ලබා දී ඇත. 2015-2018 කාලපරිච්ඡේදය තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 8.9ක් වූ රජයේ ණය ගැනීම් මහ බැංකු සංචිත තුළට අවශෝෂණය කර ගත් බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර ඇති නමුත්, රජයේ නිල ණය කළමනාකරු ලෙස වගකීම දරන මහ බැංකුව විසින් මෙම කාල පරිච්ඡේදය තුළ සංචිත ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ සැලකිය යුතු ප්‍රමාණයක විදේශ ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැත.
-
Purchasing Managers’ Index (PMI) Survey
වෘත්තිය ගැනුම්කරුවන්, ව්‍යාපාර පිළිබඳ ව තීරණ ගන්නන් හා ආර්ථික විශ්ලේෂකයින්ට කර්මාන්ත තත්ත්වයන් පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන කාලීන දත්ත ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව 2015 මැයි මස සිට නිෂ්පාදන සහ සේවා කටයුතුවලට අදාළ ව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයක් ආරම්භ කළේ ය. මෙම සමීක්ෂණය මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් මාසික ව පවත්වන ලද අතර එය 2016 අප්‍රේල් මාසය වන විට වසරක කාල රාමුවක් සම්පූර්ණ කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දත්ත මහජනතාවගේ දැනුම්වත් වීම සඳහා ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේ ය.
පසුගිය ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගයන් ද ඇතුළත් ව ඇති 2016 මැයි මස සමීක්ෂණයේ වාර්තාව පහත දක්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකු වෙඩ් අඩවිියේ සංඛ්‍යාන අංශය යටතේ මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල සඳහා ප්‍රවේශ විය හැකි අතර මෙම තොරතුරු මාසික පදනමින් යාවත්කාලීන වනු ඇත.
-
A Statement from the Governor of the Central Bank of Sri Lanka
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) 2015 හා 2016 වර්ෂවලට අදාළ බැඳුම්කර නිකුතු පිළිබඳ සිය නිරීක්ෂන වාර්තා ඉදිරිපත් කරන තෙක් 2016 ජූනි මස 30 වැනි දායින් අවසන් වන ධූර කාලයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස නැවත පත්වීමක් අපේක්ෂා නො කරන බව 2016 ජූනි මස 24 වන සිකුරාදා පැවැති මුදල් මණ්ඩල රැස්වීමේ දී මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් මණ්ඩලය වෙත දැනුම් දෙන ලදි.
-
External Sector Performance - March 2016
2016 මාර්තු මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් වීමත් සමඟ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. 2016 මාර්තු මාසයේ දී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂ ව අපනයන ඉපැයුම් අඩු වූ අතර ආනයන වියදම් සුළු වශයෙන් අඩු විය. කෙ සේ නමුත් අපනයන ඉපැයුම් අඩු වීමට වඩා වැඩි අගයකින් ආනයන වියදම් අඩු වීම හේතුවෙන් 2016 පළමු කාර්තුව තුළ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව අඩු විය. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම ශක්තිමත් කරමින් සංචාරක ඉපැයුම් සහ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වර්ධනය වූ අතර මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් තවදුරටත් මධ්‍යස්ථ මට්ටමක පැවැතුණි.
-
Inflation in April 2018
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මාර්තු මාසයේ දී පැවැති සියයට 2.8ට සාපේක්ෂ ව 2016 පෙබරවාරි මස සිට වාර්තා වූ අඩු ම අගය වන සියයට 1.6ක් දක්වා 2018 අප්‍රේල් මාසයේ දී පහළ ගියේ ය. 2018 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම පහළ යෑමට 2017 වසරේ අප්‍රේල් මාසය තුළ දී, විශේෂයෙන් ම ආහාර කාණ්ඩයේ මිල ගණන්වල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පැවැති ඉහළ පදනම් අගය දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 6.7 සිට 2018 අප්‍රේල් මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේ ය.