ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කරන ලදැයි කියනු ලබන ලිපියක සිංහල පරිවර්තනයක් ලෙස හුවා දක්වමින් පළ කෙරෙන ප්රවෘත්ති කිහිපයක් මේ දිනවල විවිධ වෙබ් අඩවිවල සහ සාමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතියි.
“උද්ධමනය ගැටලුව නොව පරිපූර්ණ විසඳුමයි.......මේ ආර්ථික අර්බුදය අපට වූ හොඳම දෙයයි........මහ බැංකු අධිපති ඓතිහාසික දෙසුමක” යන මාතෘකාව හෝ ඊට සමාන මාතෘකා යටතේ මෑතක දී සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය ද එයට එක් උදාහරණයකි.









ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස 2022 ජුලි 27 දින සිට වසර හයක කාලයක් සඳහා නැවත පත් කර ඇත. මින් පෙර ඔහු 2016 ජුලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා ද සහ 2022 මැයි මාසයේ සිට 2022 ජුලි මාසය දක්වා ද මුදල් මණ්ඩලයේ සේවය කළේ ය.