• Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම,             2026 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

  • Extension of the Term of the Administrator Appointed to Nation Lanka Finance PLC under the Banking (Special Provisions) Act, No. 17 of 2023

    ශ්‍රී ලංකා මහ බැංකුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කරන ලද පී.බඩ්.ඩී.එන්.ආර් රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාර ව දීර්ඝ කර ඇත.

    පළමු ව 2025.07.04 දිනැති අංක 2443/57 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද නියමය අනුව පත් කරන ලද රොද්‍රිගෝ මහතා, 2026.01.04 සිට 2026.07.03 දක්වා තවත් මස හයක (06) කාලයක් සඳහා අද්මිනිස්ත්‍රාසි ධුරයේ කටයුතු කරනු ඇත.

  • CCPI based headline inflation remained unchanged in December 2025

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවතුණි. 2025 දෙසැම්බර් මාසයේ දී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස මාසිකව ඉහළ ගියද, හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් සහාය විය.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි 2025 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 3.0ක උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී නොවෙනස්ව පැවතුණි. ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.7ට සාපේක්ෂව 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 1.8ක් දක්වා ඉහළ ගියේය.

  • External Sector Performance – November 2025

    2025 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක තුළ දී අඛණ්ඩ මාසික ජංගම ගිණුමේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව 2025 වසරේ නොවැම්බර් මාසයේ දී, ජංගම ගිණුම නැවත අතිරික්තයක් වාර්තා කළේය. 2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 1,678කි.

    2025 වසරේ නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. තවද, 2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 6.9ක් දක්වා පුළුල් විය.

  • Sri Lanka PMI - Construction increased in November 2025

    ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 66.2ක අගයක් වාර්තා කළේය. මාසයේ අවසන් භාගයේ දී කාලගුණය ආශ්‍රිත බාධාවන් පැවතියද, බොහෝ සමාගම් මාසය තුළ ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළේය.

    නොවැම්බර් මාසයේදී නව ඇණවුම් දර්ශකය ද ඉහළ ගියේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් බොහෝ දෙනෙකු විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නව ව්‍යාපෘතිවල වැඩිවීමක් වාර්තා කරන ලදී.  ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රමාණය අඛණ්ඩව ඉහළ යනු ඇති බවට එම ආයතනවල පවතින විශ්වාසය පිළිබිඹු කරමින්, සේවා නියුක්තිය  සහ තොග මිලදී ගැනුම් දර්ශක මාසය තුළ දී ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය නොවැම්බර් මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.

  • Closure of Public Debt Department of the Central Bank of Sri Lanka

    2026 ජනවාරි 01 වන දා සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ලංකාසෙක්‍යු අංශය, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පැවරීම මෙයින් දැනුම්දෙනු ලැබේ. 

  • Administrative Penalties imposed by the Financial Intelligence Unit on Reporting Institutions from July to September 2025

    2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

  • Provincial Gross Domestic Product (PGDP) - 2024

    2024 වසරේ දී ද බස්නාහිර පළාත ආර්ථිකයට ප්‍රධානම දායකත්වය ලබා දී ඇති අතර, අනෙකුත් පළාත්වල සමස්ත දායකත්වය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

    2024 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඉහළම දායකත්වය (සියයට 42.4) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. බස්නාහිර පළාතේ මෙම ඉහළ දායකත්වය විශේෂයෙන්ම සේවා සහ කර්මාන්ත අංශ තුළ කැපී පෙනුණි. මේ අතර, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්ව අනුපිළිවෙළින් වයඹ (සියයට 11.5) සහ මධ්‍යම (සියයට 10.7) පළාත් විසින් ලබා දී ඇත. තවද, මධ්‍යම, නැගෙනහිර, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වලින් නාමික දළ දේශීය නිෂ්පාදිතයට ලබාදුන් දායකත්ව 2023 ට සාපේක්ෂව 2024 දී ඉහළ ගියේය..

  • IMF Executive Board Approves US$206 Million in Emergency Financial Support for Sri Lanka

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා කඩිනම් මූල්‍යන උපකරණය  (Rapid Financing Instrument) යටතේ ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 150.5ක (ජා.මූ. අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා පවතින කෝටාවෙන් සියයට 26කට සමාන, එ.ජ. ඩොලර් මිලියන 206ක පමණ) මූල්‍යන පහසුකමක් වෙත ප්‍රවේශය ලබා දෙමින්, හදිසි මූල්‍යනය ලබා දීම අනුමත කරන ලදී. ජා.මූ. අරමුදල විසින් 2025 වසරේ දෙසැම්බර් 19 වන දින පහත දැක්වෙන මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.

  • SL Purchasing Managers’ Index (PMI) – November 2025

    2025 නොවැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 55.5ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලු උප දර්ශක ධනාත්මකව දායක වී ඇත. 

Pages