ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 මාර්තු මාසයේ දී දර්ශකාංක 57.1ක අගයක් වාර්තා කරමින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කළේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ අය විසින් මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඇතිවූ ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟය, ඉහළ යන පිරිවැය සහ සැපයුම් සීමාවන් හේතුවෙන් පැනනැගී ඇති අභියෝගාත්මක වාතාවරණය පිළිබඳව වාර්තා කරන ලදී.
-
Sri Lanka PMI - Construction expanded in March 2026
-
The Central Bank of Sri Lanka Releases the Publication on Financial Statements and Operations for the Year 2025
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 99(2) හා 7(1)ඕ වගන්ති ප්‍රකාර ව ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025’ වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා විසින් අතිගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත අද දින, එනම් 2026 අප්‍රේල් 20 වන දින පිළිගන්වන ලදි.
අන්තර්ගතය පිළිබඳ සටහන:
-
The Central Bank of Sri Lanka Releases the Annual Economic Review for the Year 2025
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (2026 අප්‍රේල් 20) දින ගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.
2025 වසර සඳහා වාර්ෂික ආර්ථික සමාලෝචනයේ ප්‍රධාන කරුණු පහත දැක්වේ:
-
Update on National Development Bank PLC
නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි සිදු වූ අභ්‍යන්තර වංචාව හෙළිදරව් වීමෙන් පසු, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒ පිළිබඳව දිනපතා සමීපව නිරීක්ෂණය කරනු ලබයි.
-
SL Purchasing Managers’ Index (PMI) – March 2026
2026 මාර්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
උත්සව සමයේ ඉහළ ඉල්ලුමත් සමග නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 මාර්තු මාසයේ දී දර්ශකාංක 66.7ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය සහ ඉන්ධන හිඟය, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ සැපයුම් සීමාවන් හේතුවෙන්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් සීමාකාරී නිෂ්පාදන වාතාවරණයක් පිළිබඳව වාර්තා කරන ලදී.
-
National Development Bank PLC - Subsequent Update on Internal Fraud
නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී තුළ සිදුවූ අභ්‍යන්තර වංචාව හෙළිදරව් වීමෙන් අනතුරුව, එම බැංකුවේ කටයුතුවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.
-
IMF Staff Reaches Staff-Level Agreement on the Combined Fifth and Sixth Reviews under Sri Lanka’s Extended Fund Facility Arrangement
එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය සඳහා 2026 වසරේ මාර්තු මස 26 දින සිට අප්‍රේල් මස 09 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි.
-
National Development Bank PLC - Internal Fraud
නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බවත්, ඒ මඟින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදු විය හැකි බවත්, එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත. එසේම, මෙම වංචාව නිසා, කිසිදු ගණුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට, බලපෑම් සිදු වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත.
-
External Sector Performance - February 2026
2025 වසරේ නොවැම්බර් මාසයේ සිට පැවති මාසික විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා කිරීමේ ප්‍රවණතාවය තවදුරටත් පවත්වාගෙන යමින්, 2026 වසරේ පෙබරවාරි මාසයේ දී ද විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලර් මිලියන 487ක සමුච්චිත අතිරික්තයක් වාර්තා විය.
-
CCPI based headline inflation accelerated in March 2026
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 මාර්තු මාසයේ දී ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 1.6ට සාපේක්ෂව 2026 මාර්තු මාසයේ දී සියයට 2.2ක් ලෙස වාර්තා විය.








