• CCPI-based headline inflation accelerated marginally in May 2026

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ දේශීය බලශක්ති මිල ගණන් ඉහළ දැමීමේ බලපෑම පිළිබිඹු කරමින්, 2026 මැයි මාසයේ දී ඉලක්කගත මට්ටමට වඩා සුළු වශයෙන් ඉහළින් පැවතුණි. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 5.4ට සාපේක්ෂව 2026 මැයි මාසයේ දී සියයට 5.5ක් ලෙස වාර්තා විය.

  • External Sector Performance - April 2026

    2026 වසරේ අප්‍රේල් මාසයේදී ද විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය තුළින් මැදපෙරදිග යුද්ධයේ බලපෑම පිළිබිඹු විය. 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ වාර්තා වූ අතිරික්තයට සාපේක්ෂව, 2026 වසරේ අප්‍රේල් මාසයේ දී විදේශීය ජංගම ගිණුම හිඟයක් වාර්තා විය. පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම හමුවේ වුව ද, වෙළඳ හිඟය පුළුල් වීම, සේවා ගිණුමේ අතිරික්තය අඩු වීම සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය ඉහළ යෑම මේ සඳහා මූලිකව ම හේතු විය. ඒ අනුව, 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළ දී ජංගම ගිණුම සුළු හිඟයක් වාර්තා කළේය. 

  • Sri Lanka PMI - Construction contracted in April 2026

    ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, පෙර වසරවල සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පැවති රටාව පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 45.7ක් දක්වා පහළ ගියේය. තවද, විශේෂයෙන් ඛනිජ තෙල් රසායනික මත පදනම් වූ අමුද්‍රව්‍ය හිඟය සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ පිරිවැය ඉහළ යෑමෙන් සැලසුම් කළ ඉදිකිරීම් කටයුතු නිසි කලට සිදු කිරීමට ඇති අභියෝගාත්මක වාතාවරණය පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ අය විසින් වාර්තා කරන ලදී.

  • IMF Executive Board Completes the Combined Fifth and Sixth Reviews Under the Extended Fund Facility for Sri Lanka

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 508ක (එ.ජ. ඩොලර් මිලියන 695ක පමණ) මූල්‍යන පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී. 

  • The Central Bank of Sri Lanka increases the Overnight Policy Rate (OPR)

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක්  දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය තත්ත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.  

  • The CBSL introduces a maximum Loan to Value (LTV) ratio for gold backed lending and tightens LTV ratios on credit granted for motor vehicles

    2026 වසරේ මැයි 25 වන දින සිට බලාත්මක වන පරිදි, රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය පහසුකම් සඳහා වටිනාකම් මත උපරිම ණය අනුපාත සීමාවක් හඳුන්වා දීමට සහ මෝටර් රථ සම්බන්ධයෙන් ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන වටිනාකම් මත උපරිම ණය අනුපාත සීමා දැඩි කිරීමට මහ බැංකුවේ පාලක මණ්ඩලය තීරණය කළේය. විචක්ෂණශීලී ණය දීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව සුරක්ෂිත කිරීම සහ පද්ධතිමය අවදානම් ගොඩනැඟීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි සාර්ව විචක්ෂණ අධිකාරියට අනුකූලව මෙම පියවර ගනු ලැබීය.

  • SL Purchasing Managers’ Index (PMI) – April 2026

    2026 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල පහළ යෑමක් පෙන්නුම් කරයි.

    පෙර වසර වල දී ද පැවති රටාවට අනුගත වෙමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 42.6ක් දක්වා පහළ ගියේය.

  • Central Bank of Sri Lanka launches the Complaint Management System for Financial Consumers

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන්  මූල්‍ය පාරිභෝගිකයන්ට ඇති  පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා වන වැදගත් පියවරක් සනිටුහන් කරමින් මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇති  බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

  • CCPI based headline inflation accelerated in April 2026 amidst tensions in the Middle East

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇති වූ බලපෑම්, විශේෂයෙන්ම දේශීය බලශක්ති මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යෑම් පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 2.2ට සාපේක්ෂව 2026 අප්‍රේල් මාසයේ දී සියයට 5.4ක් දක්වා වැඩිවිය.

  • External Sector Performance - March 2026

    2026 වසරේ මාර්තු මාසයේ දී විදේශීය ජංගම ගිණුමෙහි සුළු අතිරික්තයක් වාර්තා වූ අතර, පෙර වසරට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් වීම සහ සේවා ගිණුමේ අතිරික්තය අඩු වීම මධ්‍යයේ වුවද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය අඩු වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2026 වසරේ පළමු කාර්තුව තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 531ක් ලෙස වාර්තා විය.

Pages