ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි, මූලික වශයෙන් වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් රථවාහන ආනයන සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පනවන ලදී. මේ අනුව, එම රථවාහන කාණ්ඩ ආනයනය කිරීමේ දී ණයවර ලිපි විවෘත කිරීම සියයට සියයක අවම මුදල් ආන්තිකයක් යටතේ පමණක් සිදු කළ යුතු ය.
සාර්ව ආර්ථික ස්ථායිතාවට තර්ජනයක් විය හැකි මෑත කාලීන ප්‍රවණතාවන් පදනම් ව මෙලෙස ආන්තික මුදල් අවශ්‍යතාව පැනවීමට තීරණය කර ඇත. මෙම ප්‍රවණතාවන් වන්නේ: