2022 ප්‍රථම භාගය තුළදී සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවති දේශීය මුදල් වෙළඳපොළ හිඟ ද්‍රවශීලතා තත්ත්වය, 2022 අවසාන භාගයේ දී අඩු විය. කෙසේ වෙතත්, මුදල් වෙළඳපොළ ද්‍රවශීලතා තත්ත්වයෙහි වර්ධනයක් සිදු වුවද, දේශීය මුදල් වෙළඳපොළෙහි ගනුදෙනු අඩු මට්ටමක පැවතීම හේතුවෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩවම ඉහළ මට්ටමක පැවතිණ. මේ අතර, බොහොමයක් බලපත්‍රලාභී වාණිජ බැංකු සිය ව්‍යූහාත්මක ද්‍රවශීල අවශ්‍යතා ඉටුකර ගැනීමේදී වෙළඳපොළ පදනම් කරගත් විකල්ප අරමුදල් සම්පාදන අවස්ථාවන් පිළිබඳව සලකා බැලීමකින් තොරව මහ බැංකුවේ විවට වෙළඳපොළ කටයුතු යටතේ වන එක්දින නිත්‍ය පහසුකම මත බොහෝ සෙයින් අඛණ්ඩවම රඳා පැවති බව දක්නට ලැබුණි. අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා පවතින අනෙකුත් සියලුම අවස්ථාවන් භාවිතා කිරීමෙන් අනතුරුව අවසාන අවස්ථාව ලෙස භාවිතයට ගැනීමට තිබෙන මහ බැංකුව විසින් ලබාදෙන එක්දින පහසුකම මත වන ඉහළ රැඳියාව අඩු කිරීමට බොහොමයක් බලපත්‍රලාභී වාණිජ බැංකු නිසි ක්‍රියාමාර්ග ගනු ලබන බවක් පෙන්නුම් කර නැත.
-
The Central Bank of Sri Lanka Introduces Measures to Reduce the Overdependence on the Standing Facilities
-
Extension of the Suspension of Business of Perpetual Treasuries Limited
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2023 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.
-
Monetary and Financial Sector Policies for 2023 and Beyond
නිදහසින් පසු උද්ගත වූ වඩාත්ම අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් කෙරෙහි ශ්‍රී ලංකාව 2022 වසරේදී මුහුණ දුන්නේය. 2019 වසරේදී පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාර, 2020 වසරේදී කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම සහ එමගින් 2021 වසරේදී ද ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සිදු වූ බලපෑම, අහිතකර ගෙවුම් ශේෂ පීඩන මධ්‍යයේ 2022 වසරේදී සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය මෙන්ම පෙර නොවූ පරිදි ප්‍රතිපත්ති වෙනස්කිරීම් මගින් වූ බලපෑම ඇතුළු මෑත වසරවලදී පැවති අඛණ්ඩ ආර්ථික අභියෝග මගින් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට අපේක්ෂා නොකළ අන්දමේ දුෂ්කරතා ඇති කරමින් ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් සිදු කරන ලදී. පුද්ගලයින්ගේ ජීවනෝපායන් අහිමි වූ අතර මූර්ත ආදායම බොහෝසෙයින් පහළ ගියේය. මෙම ආර්ථික අභියෝග මෙන්ම කාලානුරූපී නොවන ප්‍රතිපත්තිමය තීරණ මගින් දශක ගණනාවක් මුළුල්ලේ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර තුළ පැවති ව්‍යුහාත්මක ගැටලු තවදුරටත් උග්‍ර කළ අතර, එමගින් සාර්ව ආර්ථික සමතුලිතතාවය බිඳ වැටීම හේතුවෙන් රටෙහි විවිධ අංශවල පසුබෑමක් ශීඝ්‍රයෙන් ඇති විය.
-
Sri Lanka Prosperity Index - 2021
2021 වසරේ දී ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය 0.796ක අගයක් වාර්තා කළ අතර එය කොවිඩ්-19 වසංගතයේ බලපෑම තීව්‍ර වූ 2020 වසරේ වාර්තා කළ 0.764ක අගයට සාපේක්ෂව සුළු ඉහළ යෑමකි. මෙම ඉහළ යෑම සඳහා ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය‘, ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන් තුනෙහිම වර්ධනය දායක වී ඇත.
ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකයෙහි 2021 වසරේ ඉහළ යෑම සඳහා 2020 වසරට සාපේක්ෂව පවත්නා වෙළඳපොළ මිල අනුව ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) ඉහළ යෑම, සේවා නියුක්තිය, වැටුප් හා කර්මාන්ත ඝනත්වය යන නිර්නායකයන් හි වැඩිදියුණු වීම හේතු විය. මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව 2021 වසරේ පැවති ඉහළ උද්ධමනය මෙම උපදර්ශකයෙහි වර්ධනය සඳහා අහිතකර ලෙස බලපාන ලදී.
-
CCPI based headline inflation eased further in December
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 61.0හි සිට 2022 වසරේ දෙවන භාගයේ දී පෙන්නුම් කළ පහළම අගය වාර්තා කරමින් දෙසැම්බර් මාසයේ දී සියයට 57.2 දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 73.7හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 64.4 දක්වා පහළ ගියේය. මේ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 53.4හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 54.5 දක්වා පහළ ගියේය.
-
Kanrich Finance Limited – Settlement of Public Liabilities
'ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම' යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා තත්ත්වය හේතුකොට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය ප්‍රකාරව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියළුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුලදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට එම ආයතනය වෙත නියෝග කිරීමට තීරණය කරන ලදී.
-
Provincial Gross Domestic Product (PGDP) - 2021
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්වලින් බහුතරයක කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාත, 2021 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් (2015 පදනම් වර්ෂයට අනුව ) සියයට 42.6ක් නියෝජනය කරමින් ජාතික නිෂ්පාදිතයට ප්‍රමුඛ දායකත්වය සැපයූ අතර, පසුගිය වසරට සාපේක්ෂව එම දායකත්වයේ වර්ධනයක් ද දක්නට ලැබුණි. වයඹ (සියයට 11.1) සහ මධ්‍යම (සියයට 10.1) පළාත් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ඉහලම දායකත්ව වාර්තා කර ඇත.
නාමික දළ දේශීය නිෂ්පාදිතයට බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලින් දක්වන ලද දායකත්වය 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ දී ඉහළයාමක් පෙන්නුම් කරන ලදී. මේ අතර, දකුණු, උතුරු සහ ඌව පළාත්වල දායකත්ව නොවෙනස්ව පැවතුණි. කෙසේ වෙතත්, මධ්‍යම, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල දායකත්වය 2021 දී සුළු වශයෙන් පහළ ගොස් ඇත.
-
Swarnamahal Financial Services PLC - Cancellation of the Licence
“ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය, 2022 දෙසැම්බර් 28 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තිය ප්‍රකාරව තීරණය කරන ලදී. ඒ අනුව “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයට 2022 දෙසැම්බර් 28 දින සිට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ, මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට අවසර නොමැත.
-
NCPI based headline inflation decreased for the second consecutive month in November 2022
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 70.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 65.0 දක්වා පහළ ගියේය. එසේම, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 80.9හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 69.8 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 61.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 60.4 දක්වා පහළ ගියේය.
-
Sri Lanka Purchasing Managers’ Index - November 2022
2022 නොවැම්බර් මාසයේදී, නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පසුබෑමක් පෙන්නුම් කරන ලදී.
පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 නොවැම්බර් මාසයේ දී 42.1ක අගයක් වාර්තා ලදී. මෙම පසුබෑම සඳහා ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය හැර අනෙකුත් සියලුම උප-දර්ශකයන්ගේ පහත වැටීම හේතු විය.
සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති 47.9 සිට නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 49.0ක් දක්වා ඉහළ ගියද, කඩඉම් මට්ටමට වඩා තරමක් පහළින් පැවතුනි. සේවා අංශයෙහි ක්‍රියාකාරකම්වල පහත වැටීමේ වේගය අඩු වීම සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ වර්ධනය හේතු විය. කෙසේ වෙතත්, සේවා නියුක්තියෙහි සහ නිමකිරීමට නියමිත කාර්යයන්හි පහළ යෑමක් වාර්තා විය.