විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්රශස්ත භාවිත සංග්‍රහය හා අනුගත වීම
විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්රශස්ත භාවිත සංග්‍රහය යනු ලොව පුරා නෛතික බල ප්‍රදේශ විස්සක පවත්නා මහ බැංකු සහ වෙළඳ පොළ සහභාගිවන්නන් අතර හවුල්කාරිත්වයක් මගින් වැඩි දියුණු කරන ලද, විදේශ විනිමය වෙළඳ පොළෙහි යහපත් භාවිතාව සඳහා පවතින ගෝලීය මූලධර්ම සමූහයකි. මෙය 2017 වසරේ දී මුලින්ම හඳුන්වාදුන් අතර, එහි අරමුණ වනුයේ වෙළඳ පොළ තොරතුරු පිළිබිඹු කරන තරගකාරී මිල ගණන් යටතේ, විශ්වාසයෙන් හා ඵලදායී ලෙස වෙළඳ පොළ සහභාගිවන්නන්හට ගනුදෙනු කිරීමට හැකි ශක්තිමත් හා සාධාරණ මෙන්ම ද්‍රවශීල, විවෘත සහ සුදුසු විනිවිදභාවයක් සහිත වෙළඳ පොළක් ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු මාර්ගෝපදේශ මාලාවක් සැපයීමයි.
මුලධර්ම පනස්පහකින් සමන්විත විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්රශස්ත භාවිත සංග්‍රහය මගින් දැනට පවත්නා නීති, රීති සහ රෙගුලාසි වලට බලපෑමක් ඇති නොකරන අතර, එහි අරමුණ මෙම නීති, රීති සහ රෙගුලාසි අනුපූරණය කිරීමයි. ආචාර ධර්ම, පාලනය, ගනුදෙනු කිරීම, තොරතුරු හුවමාරු කර ගැනීම, අවදානම් කළමනාකරණය, අනුකූලතාව සහ ගනුදෙනු තහවුරු කිරීම සහ පියවීම යන අංශවලට අදාළව ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ට පරිචයන් සහ ක්‍රියාවලි මෙම මුලධර්ම මගින් ආවරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුගත වීමේ ප්‍රකාශය පහත සඳහන් වෙබ් සබැඳිය හරහා පරිශීලනය කල හැක.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුගත වීමේ
සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්රශස්ත භාවිත සංග්රහයෙහි දක්වා ඇති විශිෂ්ට පරිචයන් පිළිගැනීම සහ ඒවා අනුගමනය කිරීමට එකඟතාවය දක්වන අනුගත වීමේ ප්‍රකාශයන් ඔවුන්ගේ අදාළ වෙබ් අඩවිවල සටහන් කර ඇත. විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්රශස්ත භාවිත සංග්‍රහයට අනුගත වීම සඳහා තම කැපවීම ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දේශීය විදේශ විනිමය වෙළඳ පොළ සහභාගිවන්නන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන පොදු ලේඛනය ශ්‍රී ලංකා විදේශ විනිමය සංගමයේ වෙබ් අඩවියේ https://srilankaforex.org/market-participants.php වෙබ් සබැඳිය හරහා පරිශීලනය කළ හැක.