LANKAQR ක්‍රමවේදය ජනගතකරණ වැඩසටහන

මෙරට පිළිගත් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙන්ඳන් සහ පාරිභොගිකයන් අතර LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීමේ අරමුණින් LANKAQR ජනගතකරණ වැඩසටහනක් 2021 ඔක්තෝම්බර් මස 25 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ආරාධනයෙන්, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් වන ගරු නාමල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය ගරු කංචන විජේසේකර මහතා, සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.වී. චානක මහතා ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය. රජයේ දෙපාර්තමේන්තු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම වෙළඳ, සෞඛ්‍ය සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, October 26, 2021