ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 නොවැම්බර්

2020 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ ගිය අතර, සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉකුත් මාසයට වඩා වැඩි වුවද එය තවදුරටත් කඩඉම් මට්ටමට වඩා පහළ අගයක පැවතුණි.

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව දර්ශකාංක 17.3කින් ඉහළ යමින් 2020 නොවැම්බර් මාසයේ දී 57.6ක අගයක් වාර්තා කරන ලදී. විශේෂයෙන් ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ නව ඇනවුම් වල දක්නට ලැබුණු සැලකිය යුතු ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. තවද. රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සහ ලෝහ නොවන ඛනිජ ද්‍රව්‍යය නිෂ්පාදන අංශයන්හි ඇතුළුව නිෂ්පාදන උප දර්ශකය ඉහළ යාම සහ සියලුම නිෂ්පාදන අංශයන්හි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි සිදුවූ ඉහළ යාම ද නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ඉහළ යාම කෙරෙහි හේතු විය.

ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සඳහා සැලකියයුතු ඉල්ලුමක් පැවතියද, සෞඛ්‍යය හා සම්බන්ධ ගැටළු හේතුවෙන් අඩු සේවක සංඛ්‍යාවක් නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ගැනීමට සිදුවීම හේතුවෙන් අපේක්ෂිත ධාරිතාවයෙන් නිෂ්පාදනය සිදු කිරීමට නොහැකි වූ බව එම නිෂ්පාදන අංශවල සමහර ප්‍රතිචාර දැක්වූවන් අවධාරණය කරන ලදී.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, December 15, 2020