ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 ඔක්තෝබර්

2020 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

ඔක්තෝබර් මස මුල සිට ආරම්භ වූ COVID-19 වසංගතයේ දෙවන රැල්ලේ අහිතකර බලපෑම් හේතුවෙන් 2020 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන කටයුතු වල ක්‍රියාකාරීත්වයේ පහළ යාමක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව, විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදන සහ ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශවල නිෂ්පාදනය, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් වල සිදුවු සැලකිය යුතු පහළ යාම හේතුවෙන් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ඔක්තෝබර් මාසයේදී 40.3ක් දක්වා පහළ යන ලදී.

COVID-19 වසංගතයෙහි පළමු රැල්ල තුළින් ආර්ථිකයෙහි සේවා අංශයට සිදු වූ බලපෑම පසුගිය සිව් මස තුළ ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද, COVID-19 වසංගතයෙහි දෙවන රැල්ලේ අහිතකර බලපෑම පිළිබිඹු කරමින්, 2020 ඔක්තෝබර් මාසයේ දී සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 41.8 දක්වා පහළ ගියේය. මෙම පහළ යෑම සඳහා නිමකිරීමට නියමිත කාර්යයන් හැර සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි අනෙකුත් සියලුම උපදර්ශකවල දක්නට ලැබුණු පහළ යෑම් හේතු විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, November 25, 2020