ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 ඔක්තෝබර්

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරමින් 2018 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි. ඔක්තෝබර් මාසයෙහි දක්නට ලැබුණු මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම, උත්සව සමයෙහි ආහාර සහ පාන නිෂ්පාදනය සඳහා ඇතිවන ඉල්ලුම හේතුවෙන්, නව ඇණවුම් සහ නිෂ්පාදනවල දක්නට ලැබුණු වර්ධනය හේතු විය. ආහාර සහ පාන අංශයෙහි සේවා නියුක්තිය, සෘතුමය ප්‍රවණතා හේතුවෙන් යම් වර්ධනයක් පෙන්නුම් කළද, සමස්ත සේවා නියුක්තියෙහි අඩු වර්ධනයක් පෙන්නුම් කරන ලදී. සේවකයන් සොයාගැනීමේ අපහසුතාවය හේතුවෙන්, රෙදිපිළි සහ නිමි ඇඳුම් නිෂ්පාදන අංශයෙහි සේවා නියුක්තියෙහි දක්නට ලැබුණු අඩු වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

ඉදිරියේදී උත්සව සමයත් සමඟ ඇතිවන ඉල්ලුම හේතුවෙන් ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත අංශය තොග රඳවා ගැනීම ගැණුම් තොග ඉහළ යාම තුළින් පිළිඹිබු විය. ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ යාම තුළින් සාමාන්‍යයෙන් පිළිඹිබු වනුයේ කෙටිකාලීනව ආර්ථිකය වර්ධනය වන බවකි. එනමුත්, මෙම මස තුළ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙර මාසයෙහි වාර්තා කළ වර්ධන වේගයම පෙන්නුම් කරන ලද්දේ, අමුද්‍රව්‍යය වල පැවති හිඟයත්, නිෂ්පාදකයන් විසින් රුපියල ස්ථාවර වීම මඟින් අමුද්‍රව්‍යය මිල මට්ටම් තවදුරටත් ඉහළ යාම පාලනය වේ යැයි බලාපොරොත්තුවෙන් සැපයුම් ලබාගැනීමට වැඩි කාලයක් ගත කිරීමත් හේතුවෙනි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, November 15, 2018