මූල්‍ය සාධනීය දර්ශක ප්‍රකාශයට පත් කිරීම - බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්

මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන බැංකු සහ මුදල් සමාගම්වල කාර්ය සාධනය සන්නිවේදනය කිරීමේ ප්‍රධාන මෙවලමක් ලෙස මහ බැංකුව විසින් ‘මූල්‍ය සාධනීය දර්ශක’ නිකුත් කර ඇත. මූල්‍ය පද්ධතියේ ප්‍රවණතා හඳුනා ගැනීම සඳහා ප්‍රතිපත්ති විශ්ලේෂණවලදී භාවිතා කරන ප්‍රධාන අනුපාත සහ මූල්‍ය තොරතුරු මෙම ප්‍රකාශනයට ඇතුළත් වේ.

ප්‍රකාශනය මඟින් ඉහත සඳහන් අංශවලට අදාළ වත්කම්, වගකීම්, ඉපැයීම්, ලාභ සහ ප්‍රාග්ධනය වැනි මූල්‍ය තොරතුරු සහ ඒවායේ ප්‍රධාන අනුපාත ඉදිරිපත් කරයි. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන මූල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානයෙන් පසුවන පාර්ශ්වයන්ට ප්‍රයෝජනවත් සහ විශ්වසනීය මූලාශ්‍රයක් වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය https://www.cbsl.gov.lk/si/මූල්‍ය-සාධනීය-දර්ශක හරහා මෙම පත්‍රිකාවේ විද්‍යුත් පිටපතක් ලබා ගත හැකිය.

Published Date: 

Thursday, September 21, 2023