මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 08 - 2021 නොවැම්බර්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 නොවැම්බර් මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. ප්‍රධාන වශයෙන් සැපයුම් අවහිරතා සහ ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ඉහළ යෑම හේතුවෙන් මෑතකාලීනව උද්ධමනය ඉහළ යෑම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර, ඉදිරි කාලය තුළදී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟාවීම සඳහා සහාය වන අතරම, සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන ලදී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, November 25, 2021