මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කෙරේ

2021 ඔක්තෝබර් මස 5 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙලෙස ප්‍රතිස්ථාපිත මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික සුනිල් ලංකාතිලක මහතා එහි සභාපතිත්වය දරයි. ස්ටැසන් සමාගම් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිතා කූක් මහත්මිය; ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති නිරංජන් දිසානායක මහතා; ඇක්සස් එන්ජිනියරින් පීඑල්සීහි කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ජෝෂුවා මහතා; ආර්ථික විද්‍යා මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා; බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මහතා; සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ කළමණාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා; වැලිබල් වන් සමූහයේ සභාපති සහ හේලීස් පීඑල්සීහි සම-සභාපති ධම්මික පෙරේරා මහතා; මේනෙටෙක් ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති ජෙයම් පෙරුමාල් මහතා; ඩීඑස්අයි සැම්සන් සමූහයේ සම්මානනීය කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහතා; විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බැංකු නිළධාරී රුසිරිපාල තෙන්නකෝන් මහතා; සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, October 18, 2021