නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් හි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් බලපැවැත්වෙන විධානයන්ට අනුකූල වීමට අඛණ්ඩ ව නො හැකි වීම සලකා බලමින්, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2020 ජුනි 01 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාල සීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020.05.28 දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කරන ලදී.

මෙම නියාමන ක්‍රියාමාර්ගය සුරැකුම්පත් වෙළෙඳපොළ කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බල නොපාන බවට සහතික වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ඇත. එසේ ම නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නො වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ද නිසි පරිදි ගනු ඇත.

Published Date: 

Monday, June 1, 2020