ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පස්වැනි සමාලෝචනයේ සාකච්ඡා නැවත ඇරඹීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2019 පෙබරවාරි 14 - 28 කාලය තුළ දී කොළඹට පැමිණි අතර සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදී.

"2018 වර්ෂයේ අග භාගයේ ඇති වූ දේශපාලනික අස්ථාවරතාවයෙන් පසු ව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන නැවතත් ඉදිරියට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකික බලධාරීන් විසින් ගනු ලැබූ අඛණ්ඩ උත්සාහයන් දූත පිරිසේ පැසසුමට ලක් වේ. ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ඉල්ලීම පරිදි තවත් අතිරේක වර්ෂයක් සඳහා විස්තීර්ණ ණය පහසුකම දීර්ඝ කරමින් ඒ යටතේ මුදා හැරීමට ඇති ඉතිරි ණය ප්‍රමාණය එම කාල සීමාව තුළ සම ව බෙදී යන පරිදි ලබා දීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අවසන් කිරීම සඳහා වැඩි කාලයක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම සහ ශ්‍රී ලාංකික බලධාරීන් අතර නිලධාරි මට්ටමේ එකඟතාවකට එළැඹිණි. විස්තීර්ණ ණය පහසුකම හා අදාළ වැඩසටහනට අනුව 2019 අයවැය සැලසුම් කර ඇති පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යටත් ව, පස්වැනි සමාලෝචනය 2019 මැයි මස අවසන් කිරීමට ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇතැ යි අපේක්ෂා කෙරේ. මෙම සමාලෝචනය සඳහා සපුරාලිය යුතු සියලු ම කාර්යයන් සහ ව්‍යුහාත්මක මිණුම් දඬු නිම කිරීමට අවශ්‍ය පියවර ඊළඟ සති කිහිපය තුළ දී බලධාරීන් විසින් ගනු ඇත.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, March 1, 2019