එච්. බී. දිසානායක (1992 – 1995)

H B Disanayaka

හීන් බණ්ඩා දිසානායක මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නවවන අධිපතිවරයා වූ අතර ඔහු විසින් 1992 ජූලි මස සිට 1995 නොවැම්බර් මස දක්වා එම තනතුර හොබවන ලදී. 

කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල හාෂා ශාස්ත්‍රෙව්දී ගෞරව උපධිය හිමිකර ගත්තේ ය.  

සහකාර රාජ්‍ය නියෝජිතවරයෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ දිසානායක මහතා 1964 දී රාජ්‍ය සේවා කොමිසමේ සහකාර ලේකම්වරයකු ලෙස පත් විය. ඒ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නියෝජිතවරයෙකු ලෙස ද කටයුතු කර 1972 – 1974 දක්වා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළේ ය. ඉන්පසු 1974 – 1976 දක්වා ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර 1976 – 1987 දක්වා එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද සේවය කර ඇත. දිසානායක මහතාට 1987 – 1989 දක්වා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලදුව 1989 මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස පත් ව රාජකාරී කටයුතු කරමින් සිටි අවධියේ මහ බැංකු අධිපති ධූරය හෙබවීමේ අවස්ථාව හිමි විය. 

දිසානායක මහ බැංකු අධිපතිපති ධූරයෙන් අනතුරු ව 1996 – 1998 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ය.