නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (NCRCS)

 

සාමාන්‍ය තොරතුරු

ශ්‍රී ලංකා රජය අරමුදල් සපයනු ලබන පොලී සහනාධාර සහ ණය ඇප ආවරණ ණය යෝජනා ක්‍රමයකි.

ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම

පහත සදහන් සහභාගීත්ව මුල්‍ය ආයතන, සුදුසුකම් සහිත ගොවි මහතුන්ට ණය ලබා දෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව දක්වා ඇති කාල රාමුවට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පොලී සහනාධාර ඉල්ලුම් කරනු ලබයි. මෙම ණය යෝජනා ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක වේ.

සුදුසුකම් ලබන ණය කරුවන්

වගා කිරීමට සුදුසු ඉඩමක් හිමි ගොවි මහතුන්

ණය ලබා දෙන බෝග වර්ග

(අ) කෙටි කාලීන බෝග 34ක් සදහා ණය පහසුකම් ලබාදෙනු ඇත. එනම්;

වී, මිරිස්, ළුෑනු, කව්පි, මුං ඇට, උඳු, සෝයා බෝංචි, බඩ ඉරිඟු, කුරක්කන්, රට කජු, තල, සූරියකාන්ත, අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, කිරි අල, වම්බටු, තක්කාලි, බීට්, බෝංචි, ගෝවා, කැරට්, බණ්ඩක්කා, මාළු මිරිස්, ලීක්ස්, රාබු, නෝකෝල්, වැටකොළු, කරවිල, පතෝල, වට්ටක්කා, ඉඟුරු, උක්, කහ

(ආ) ගෙවතු වගාවන් සහ ඉහත බෝගවල පැල තවාන්

උපරිම ණය මුදල

(අ) කෙටි කාලීන බෝග 34*: රු. 756,000/-
(ආ) ගෙවතු වගාවන්: රු. 100,000
(ඇ) පැල තවාන්: රු. 500,000

* ණය මුදල බෝගය අනුව වෙනස් වේ.

පොලී අනුපාතය සහ ණය ආපසු ගෙවීමේ කාල සීමාව

- වාර්ෂික පොලී අනුපාතය 8%
- ගෙවතු වගාවන් ද ඇතුළත් ව කෙටි කාලීන බෝග සදහා ණය ආපසු ගෙවීමේ කාල සීමාව: දින 270
සටහන: උක් බෝගය සදහා පමණක් ණය ආපසු ගෙවීමේ කාලය: දින 365

සහභාගීත්ව මුල්‍ය ආයතන

ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, යූනියන් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, සණස සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩී එෆ් සී සී බැංකුව, එච් ඩී එෆ් සී බැංකුව, කාර්ගිල්ස් බැංකුව

වැඩි තොරතුරු දැන ගැනීම සඳහා

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව (011 2477477/ 011 2477484/011 2477015/011 2477286), ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල හෝ ඉහත සදහන් බැංකුවල ශාඛාවන් අමතන්න.