වංචාවලින් ආරක්ෂා වෙමු!

මූල්‍ය වංචා දිනෙන් දින ඉතා සංකීර්ණ වෙමින් පවතින පසුබිමක වංචාකරුවන් විසින් පුද්ගලයින් සහ ව්‍යාපාර රැවටීම සඳහා නිරන්තරයෙන් නවීන ක්‍රමවේද භාවිත කරනු ලබයි. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පද්ධති වෙත නීති විරෝධී අයුරින් ඇතුළු වීම, නොමග යවන සුලු පොරොන්දු ලබා දීම, වෙනත් අයෙකු ලෙස පෙනී සිටීම, ව්‍යාජ ආයෝජන ක්‍රම සහ මුදල් හෝ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම සඳහා භාවිත කරන විවිධ උපායමාර්ග මෙම ක්‍රමවේද අයත් වේ.
 
"වංචාවලින් ආරක්ෂා වෙමු" යනු මූල්‍ය වංචා හඳුනා ගැනීමට, මූල්‍ය යෝජනා ක්‍රමවල විශ්වසනීයත්වය තහවුරු කිරීමට සහ පෞද්ගලික තොරතුරු හෝ මුදල් ලබා දීමට පෙර නිවැරදි තීරණය ගැනීම සඳහා මහජනතාවට සහාය වීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද මහජන දැනුම්වත් කිරීමේ වැඩසටහනකි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සකස් කරන ලද ප්‍රචාරක මෙවලම් මෙම වෙබ් පිටුවේ දැක්වේ.
 
සැලකිලිමත් වන්න. අසාමාන්‍ය ලෙස ඉහළ ප්‍රතිලාභ ලබාදීම පිළිබඳ ව විමසන්න. ඔබගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කරගන්න. ක්‍රියාත්මක වීමට පෙර සිතා බලන්න. වංචාවලට හසුනොවන්න.
“වංචාවලින් ආරක්ෂා වෙමු” දැනුවත් කිරීමේ වැඩසටහනෙහි තේමා ගීතය
වංචා පිළිබඳ ව දැනුවත් කිරීමේ වීඩියෝ
 
වංචාවලින් ආරක්ෂා වීම සහ දැනුවත්භාවය පිළිබඳ පෝස්ටර්
වංචාවලින් ආරක්ෂා වීම සහ දැනුවත්භාවය පිළිබඳ පෝස්ටර්