දැක්ම, මෙහෙවර සහ ගුණාංග

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සඳහා වන විශ්වසනීය සහ ගතික මහ බැංකුවක්

මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා මූල්‍ය පද්ධති නියාමකයා ලෙස රටේ ආර්ථික හා මූල්‍ය පද්ධතීන්හි ස්ථාවරත්වය සහතික කරමින් හා ආර්ථික කටයුතු පිළිබඳ රජයේ උපදේශක ලෙස විචක්ෂණශීලී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අවශ්‍ය පරිදි රජයට උපදෙස් ලබාදෙමින් කටයුතු කරයි.

අපගේ මෙහෙවර 

"ප්‍රතිපත්තිමය ප්‍රෝත්සාහයන්, උපදෙස්, කැපවීම සහ විශිෂ්ඨත්වය තුළින් තිරසාර වර්ධනයක් ලබා ගැනීම සඳහා පිටුබලයක් වීමට ආර්ථික සහ මිල ස්ථායිතාවත් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවත් පවත්වා ගැනීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු කටයුතු හා කාර්යයන් ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රධාන අරමුණු ද්විත්වය සාක්ෂාත් කර ගැනීම කේන්ද්‍ර කරගෙනයි. එ බැවින් මෙම මෙහෙවර ඉෂ්ට කිරීම තුළින් ආර්ථික ක්‍රියාවලියේ නියැලෙන්නන් හට දිගුකාලීන දෘෂ්ඨියකින් යුතු ව ආර්ථිකය දෙස බැලීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත් වන අතර මෙ වැනි දිගු කාලීන යොමුවක් තිරසාර වර්ධනයට සහ දිළිඳුකම පිටු දැකීමට අත්‍යවශ්‍යයි. 

 

අපගේ ගුණාංග

ප්‍රබෝධමත් නායකත්වයක් වෙනුවෙන් කැපවීම

මූල්‍ය අංශයට උපායමාර්ගික නායකත්වයක් ලබා දීම

විනිවිදභාවය

අපගේ ක්‍රියාකාරකම්වලට පාදක වූ කරුණු පැහැදිලි කිරීමට සුදානමින් සිටීම

මහජනතාව, රජය, මූල්‍ය ආයතන සහ සේවකයින් වෙත වග කීමට බැඳී සිටීම

අප ලබා දුන් ප්‍රතිපත්තිමය උපදෙස් සහ අපගේ ක්‍රියාකාරකම් සඳහා වගකීම බාර ගැනීම

ඒකාග්‍රතාව - විශ්වසනීයත්වය හා අවංකබව

වචනයත් ක්‍රියාවත් එකිනෙක හා ගැලපෙන සේ කළ යුතු කාර්යයන් සදාචාර සම්පන්න ව ඉටු කරමින් පාර්ශ්වකරුවන්ට උපරිම සුභසිද්ධිය සැලසෙන සේ කටයුතු කිරීම

වෘත්තීය නිපුණත්වය සඳහා කෙරෙන කැපවීම

සියලු කටයුතු කැපවීමෙන්, ගුණාත්මකභාවයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතු ව සිදු කිරීම

අඛණ්ඩ අධ්‍යයනය, දැනුම බෙදා ගැනීම සහ නව්‍යකරණය සඳහා කෙරෙන කැපවීම

ලෝකයේ ශීඝ්‍ර දියුණුවට සරිලන සේ තනි තනිවත්, සාමුහික වශයෙනුත් නිපුණතා ලබාගැනීම

බැංකුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල සංගත බව, නිවැරදි බව සහ කාලීන බව

අප කරනු ලබන කටයුතු සඳහා ගෞරවය දිනා ගැනීම

ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය මෙහෙයුම් ස්වාධීනත්වය පවත්වා ගැනීම සහ එය තහවුරු කර ගැනීම

විෂය මූලික ව තීරණ ගැනීම සඳහා ආයතනික ස්වාධීනත්වය පවත්වා ගැනීම

ප්‍රතිඵල සහ ප්‍රතිදාන සඳහා කඩිනම් සහ නිරන්තර කැපවීම

අපගේ සියලු ක්‍රියාකාරකම්වල දී කඩිනම් සහ අප්‍රමාදි බව පිළිබඳ හැඟීමකින් කටයුතු කිරීම

කාර්යයන් ඉටු කිරිමේ දී සහයෝගිත්වයත් සහභාගීත්වයත් ලබාදීම

උපරිම සහයෝගීතාවකින් සහ කණ්ඩායම් හැඟීමකින් යුතුවීම සහතික කිරීම සඳහා බැංකුව තුළ ධනාත්මක ආකල්පවලින් හෙබි කණ්ඩායම් සබඳතා ගොඩ නැගීම